මේ ලන්ඩන් නේද නෑ මේ 1960දී ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ ගත්ත ඡායාරූපයක්* මේ මාගේ මිත්‍රයන් දෙදෙනෙකු අතර සිදු වූ කතාබහකි. 1960 වර්ෂයේ කාබුල් විශ්වවිද්‍යාලය තුළදී ගත් ඡයාරූපයක් අරබයා වූ මේ කතාබහට කන්දුන් පසු එම ඡායාරූපයන් බැලීමට මටද සිත් පහළ විය. එහි සිටි කෙටි ගවුම්, අවිකණ්ණාඩි පැලඳ සිටින සිසුවියන් දුටු විට සිහිපත් වන්නේ එය යුරෝපා රටක් ලෙසය. නමුත් අද වනවිට ඇෆ්ගනිස්ථානය බටහිර රටවල් විසින් විනාශ කර හමාරය.
පසුගිය සතියේදී බටහිර රටවල් අනෙකුත් රටවල අර්බුද ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳව සුහුරු සිතිවිලිවලින් ඉදිරිපත් කළ අතර, සිරියාව අස්ථාවර කිරීම පිළිබඳව එහි සටහනක් තැබීමි. මේ වන විට සිරියානු අර්බුදය ලෝක යුද්ධයක් කර දක්වා තල්ලු වී යන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. එම නිසා ලෝකයේ නිර්මාණය කෙරුණු අර්බුදයන් පිළිබඳව තවත් දිගුවක් මෙලෙස ලියා තබන්නට සිතුවෙමි.
පසුගිය සතියේදී ඇමෙරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ වෙන කිසිදු හේතුවක් නිසා නොවේ. ඉරාකයට පහරදීමට යොදා ගත් හේතුවම යොදා ගනිමින් සිරියාවටද පහර දුන්නේය. එනම් රසායනික අවි භාවිත කරන්නේය යන චෝදනාවයි. එවකට ඉරාක ජනාධිපතිවරයා වූ සදාම් හුසේන් ඇමෙරිකාවට දැඩි තර්ජනයක්ව තිබිණි. විශේෂයෙන්ම තෙල් සම්පත ඇති මැද පෙරදිග කලාපයේ බටහිර ගැත්තන් නොවන ඕනෑම නායකයකු පළවා හැරීමට බටහිර වග බලා ගත්තේය. ඇත්තෙන්ම එවකට ඉරාකය සමෘද්ධිමත් රටක් බවට පත්කළ සදාම් හුසෙන්ව ලෝකයේම පිළිකුලට භාජනය කරවූයේද මේ බටහිර රටවල්ය. 1990දී ඉරාකය කුවේටය ආක්‍රමණය කළේ තමන්ගේ තෙල් සම්පත කුවේටය විසින් හොරකම් කිරීම හේතුවෙනි. ඇමෙරිකාව, සවුදි අරාබිය, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල් එකතු කරගෙන ඉරාකයට පහර දුන්නේය. බටහිර රටවලට ඉරාකය කුවේටයට පහරදීම හොඳ ඉල්ලමක් විය.මන්ද ඒ හරහා මැද පෙරදිගට සේන්දු වීමටත්, බටහිර ගැති නායකයෙකු නොවූ සදාම් හුසේන්ව මට්ටු කිරීමටත් ඔවුනට හැකිවීම හේතුවෙනි.
ඉරාකයට පහර දීමට මත්තෙන් බටහිරට ගැති මාධ්‍ය මගින් කුවේට ආක්‍රමණය සදාම් හුසේන්ගේ අත්තනෝමතික තීරණයක් බව ප්‍රකාශ කළේය. එසේම සදාම් හුසේන් රසායනික අවි භාවිත කරන බවට ඒවා මගින් ලෝකය පුරාවටම සන්නිවේදනය කළේය. එකල ඉරාකයට පැමිණි ඇමෙරිකානු සොල්දාදුවන් රසායනික අවිවලට, විෂ වායූන්ට මුහුණදීම සඳහා ආරක්ෂිත ආවරණ පැලඳගෙන සිටින විඩීයෝ පට හා ඡායාරූප ලෝකය පුරාම ප්‍රචාරය කළේය. බටහිර මාධ්‍ය සදාම් හුසේන්ව හැඳින් වූයේ (Butcher of Bhagdad) බැග්ඩෑඩයේ මස් වෙළෙන්දා ලෙසටය. මෙසේ සදාම් හුසේන්ව ලෝකයේම දුෂ්ටයා බවට පත්කළේය. ඉන් අනතුරුව නැවත 2003දී ඉරාකයට පහර දුන් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සදාම් හුසේන්ව අල්ලා එල්ලා මරා දැමීය. ඉරාකය අස්ථාවර කළ ඇමෙරිකාව ඉරාකයේ තම හමුදා සේනාංක ස්ථාපිත කළේය. විශේෂයෙන්ම ඉරානය, සිරියාව වැනි බටහිර ගැති නොවන රටවල්වලට තර්ජනයක් වීමටත් ඕනෑම අවස්ථාවක ඔවුනට පහරදීමටත් තම හමුදා ඉදිරි පෙළක් (Front line) නිර්මාණය කළේය.
පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ ඝාතනයද බොහොම සැකසහිතය. අදටත් බෙනාසීර්ගේ ඝාතනය පිළිබඳ නිශ්චිත තොරතුරු නැත. පාකිස්තානය යනු ලෝකයේ ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ මුල් 10 අතරට පැමිණිය හැකි රටක් ලෙස හඳුනාගෙන තිබේ. පකිස්තානය ස්ථාවර වීම කිසිසේත්ම බටහිරට හිතකර නැත. මන්ද ඇෆ්ගනිස්ථානය අස්ථාවර කිරීමට සුදුසුම ස්ථානය වන්නේ පාකිස්තානය වීමයි. පසුගිය කාලවකවානුව පුරාම කිසිදු රාජ්‍ය නායකයෙකු පාකිස්තානය තුළ ස්ථාවර වූයේ නැත. පාකිස්තානයේ හිටපු ජනපති ජෙනරාල් සියා උල්හක් ගුවන් අනතුරක් නිසා ජීවිතක්ෂයට පත්විය. මෑත භාගයේ බෙනාසීර් භූතෝට විශාල ජනබලයක් ගොඩනැංවී තිබිණි. පකිස්තානය ආර්ථිකමය වශයෙන් ගොඩදාන්නට හැකි යැයි මතයක් බෙනාසීර් ගැන පාකිස්තාන වැසියන් අතර තිබිණි. ජනරාල් ෆිර්වේස් මුෂාරෆ්ව එපා වී තිබූ පාකිස්තානයට බෙනාසීර් භූතෝගේ ආගමනය මහත් අස්වැසිල්ලක් විය. නමුත් රාවල්පිණ්ඩි නගරයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් බෙනසීර්ව ඝාතනය කළේය. අදටත් පාකිස්තානය අස්ථාවරය.
ආසියානු කලාපය තුළ ක්‍රිකට් යනු අතිශය ප්‍රචලිත ක්‍රීඩාවකි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, ඇෆ්ගනිස්තානය තුළ ක්‍රිකට් යනු ආගමක් මෙන්ය. ක්‍රිකට් හරහාද මේ රටවල් අතර සුහඳතාවයන් ගොඩනැගී තිබිණි. ඉන්දියාවෙන් කැඩී ගිය බංග්ලාදේශය හා පකිස්තානය යන රටවල් සමග ඉන්දියාව තරග කළේය. ඒ හරහා ක්‍රිකට් සංස්කෘතියක් බිහිවී තිබිණි. මෙම සංහිඳියාවන් බටහිරට එතරම් සුබවාදී වූයේ නැත. පාකිස්තානයේ ත්‍රස්ත ක්‍රියා වැඩිවෙන තරමට බටහිර කැමතිය. ඒ ඇෆ්ගනිස්ථානයට අත පෙවීමට ලෙහෙසි වන නිසාය.
ඒ වගේම ක්‍රිකට් හරහා සිදුවන බැඳීම නොකැඩුවහොත් පාකිස්තානය හා අනෙකුත් රටවල් අතර ඇතිවන සබඳතාවයන් තව තවත් ශක්තිමත් වන බව බටහිර දුටුවේය. පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කෙරුණි. මේ ත්‍රස්තවාදී කණ්ඩායම් සියල්ල බටහිර බළල් අත්‍ය.
ඇමෙරිකාවේ බළල් හස්තයන් වූ තලේබාන් හා අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් රුසියාව අස්ථාවර කිරීමට හා ඇෆ්ගනිස්තානය අඩපණ කිරීමට පාවිච්චි කළේය. අද රසායනික අවි ගැන කතා කරන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන 20ක් ජනතාව ඝාතනය කර තිබේ. වියට්නාමය, කොරියාව, ඉරාකය වගේම වෙනත් රටවල කළ ඝාතනයක් මීට අයත්ය. එදා ඔවුහු ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළා ලක්ෂ ගණනන් ජනතාව මරා දැමූහ. වියට්නාම යුද්ධයේදී රසායනික ද්‍රව්‍ය දමා කැලෑ සම්පූර්ණයෙන්ම විනාශ කළේය. කොරියානු යුද්ධයේදී කොරියාව විනාශ කළේය. ඇෆ්ගනිස්ථානය විනාශ කළේය. මෙසේ විනාශ කළ රටවල විශේෂයෙන් කොරියාව, ජපානය හා ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරු ඉදිකර ගත්තේය.
දැන් සිරියාවට පහර දෙමින් ඇමෙරිකාව සම්පත් සූරාගෙන කෑමේ මෙහෙයුම පටන් ගෙන තිබේ. නමුත් අද වනවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. මේ වන විට රුසියාව ඇමෙරිකාවට අභියෝග කිරීමට තරම් තැනකට පත්ව තිබේ. එදා වගේ ඇමෙරිකාවට ඕනෑ දේ දැන් කරන්නට බැරිය. සීත යුද්ධ කාලයේ ඇමෙරිකාව විසින්ම පෝෂණය කළ රටවල්ම අද රුසියාවට නැඹුරු වී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ කිරීමෙන් සිරියාවට ක_ස් මිසයිල ප්‍රහාර හා ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඒ රුසියාවේ අනතුරු ඇඟවීම ගණනකට නොගෙනය. නමුත් රුසියාව යම් හෙයකින් සිරියාව අසල මුහුදු තීරයේ ඇති ඇමෙරිකානු යුද නැව්වලට පහරදී විනාශ කළහොත් එකල ප්‍රංශයේ විසූ අනාවැකිකරුවෙකු වූ නොස්ට්රඩමුස්ගේ අනාවැකිය ටක්කෙටම හරියනු ඇත.
මහා බලවතුන් අතර හටගන්නා යුද්ධයක් නිසා වසර ගණනක් යුද්ධය පවතිනු ඇත. එය අවසානයේ සාමය උදාවනු ඇත. නමුත් මේ සාමය සතුට විඳ දරා ගැනීමට ඉතිරි වන්නේ ලෝකයෙන්ම බොහොම සුළු පිරිසකි* යන්න ඔහුගේ අනාවැකියයි.
ලෝක බලවතුන් බවට පත්වීමට යන අරගලයේදී අවසානයේදී අප වැනි රටවලට වන්නේ තැළී පෙළී විනාශ වී යාමටය. රටට හිතකර නොවන පාවිච්චි වීමට නුසුදුසු රටවල් ඉවත් කර දැමීම ඉදිරි විදේශ ප්‍රතිපත්ති සැලසුම් හදන සියල්ලන්ගේම අවධානයට යොමු විය යුතු කරුණකි.
නිපුන් ඒකනායක