සෙලින්කෝ ලයිෆ් 25 වැනි ප්රණාම ශිෂ්යත්ව මෙවර රු.මිලියන 23.4ක ශිෂ්යත්ව පිරිනමයි
සෙලින්කෝ ලයිෆ් සිය ප්රමුඛතම ප්රතිලාභ වැඩසටහනක් වන ප්රණාම ශිෂ්යත්ව වැඩසටහනේ 25 වැනි සංවත්සරය සමරමින් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් අධ්යයන විශිෂ්ටතා සහ විෂය බාහිර ක්රියාකාරකම්වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දරුවන් වෙත රු.මිලියන 23.4ක් වටිනා ශිෂ්යත්ව 147ක් ප්රදානය කිරීම නිවේදනය කරයි.
ඒ සමඟින් ශ්රී ලාංකේය දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන හරහා ප්රදානය කර ඇති ශිෂ්යත්වවල මුළු වටිනාකම රුපියල් මිලියන 263.4 ක් දක්වා වැඩි වී ඇත.
2002 වසරේ ප්රණාම ශිෂ්යත්ව වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා සෙලින්කෝ ලයිෆ් විසින් ප්රදානය කර ඇති මුළු ශිෂ්යත්ව ගණන 3,613කි. මෙය දිවයින පුරා සිටින දරුවන්ගේ දක්ෂතා පෝෂණය කිරීමට මෙන්ම, ඔවුන්ගේ අධ්යාපනික ජයග්රහණ වෙනුවෙන් වසර 25ක් පුරාවට සිදුකළ විශාල ආයෝජනයක් ලෙස හැඳින්විය හැක.
මෙම සුවිශේෂී අවස්ථාවේදී විශේෂ දේශන පැවැත්වූ අය අතර ප්රධාන ආරාධිත අමුත්තා ලෙස පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය ප්රසාද් සේතුංග මහතා, සෙලින්කෝ ලයිෆ් හි විධායක අධ්යක්ෂක හා නියෝජ්ය ප්රධාන විධායක නිළධාරී රංග අබේනායක මහතා සහ ප්රණාම ශිෂ්යත්ව දෙවරක් හිමිකර ගත් වෛද්ය එස්. කේ. ඒ. බී. දිල්හාරා මෙනෙවිය වූහ. දරුවෙකුගේ ජීවිතයේ වැදගත් ම අවධියකදී ලබා ගන්නා අධ්යයන ජයග්රහණ සහ ඔවුනට ලැබෙන සහයෝගය ඔස්සේ ලගාකර ගත හැකි අවස්ථා වෛද්ය දිල්හාරා මෙනෙවියගේ දේශනයෙන් නිරූපණය විය.
මහාචාර්ය සේතුංග මහතා තම ප්රධාන දේශනයෙන් 21 වන සියවස තුළ සාර්ථක වීමට දරුවන් සූදානම් කිරීමේ අභියෝග පිළිබඳව අවධානය යොමු කළේය. මේ සියවස අතිශය අනපේක්ෂිත කාලයක් බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ වේගයෙන් වෙනස් වන අනාගත ලෝකයක් සඳහා දරුවන් සූදානම් කිරීමේදී දරුවන්ට අධ්යාපනය ලබා දිය යුතු ආකාරය නිශ්චිතවම තීරණය කිරීම දුෂ්කර බවයි. ඒ සඳහා දරුවන්ට විවේචනාත්මක චින්තනය, නිර්මාණශිලී හැකියාවන්, සාමූහිකත්වය සහ සන්නිවේදනය යන කුසලතා ළමා අවධියේ සිට ම වර්ධනය කළ යුතු බව ඔහු යෝජනා කලේ ය.
තවදුරටත් ඔහු පැවසුවේ මෙම කුසලතා පාසල් අධ්යාපනය තුළින් සෘජුවම දියුණු කිරීමට අපහසු බව ඔහුගේ අත්දැකීම් වලින් නිරීක්ෂණය කර ඇති බවයි. සුවිශේෂී දක්ෂතා සහිත අයෙකුට වුවද සාමූහිකත්වය සහ සන්නිවේදනය යන අංශ වල ගිලිහීමක් සිදුවිය හැකි බව පැවසූ ඔහු අනතුරු ඇඟවූයේ දෙමාපියන් තම දරුවන් පිළිබඳව ඇති අපේක්ෂාවන් හා ඒවා කරා යාමට ඔවුන් පීඩනයට පත් කිරීම ගැන නැවත සිතා බලන ලෙසයි. ඔහු අවධාරණය කලේ 21 වන සියවසේ දී සාර්ථක වීමට හැකි වන්නේ එහි අභියෝගවලට කල්පනාකාරීව හා බුද්ධිමත් ව මුහුණ දෙන අයට පමණක් බවයි.
තම පිළිගැනීමේ දේශනයේදී අබේනායක මහතා අවධානය යොමු කළේ තාක්ෂණය මගින් ඇති කරන පරිවර්තනීය බලපෑම සහ කෘත්රිම බුද්ධිය පිළිබඳ ඉහළ යන වැදගත්කම පිළිබඳවයි. මෙම තාක්ෂණය ප්රගුණ කිරීමට මෙන්ම බුද්ධිමත් ව භාවිත කිරීමට ශ්රී ලංකාව සූදානම් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ අධ්යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්ය සේවය සහ රාජ්ය සේවය වැනි වැදගත් ක්ෂේත්ර කිහිපයක පවතින අකාර්යක්ෂමතාවයන් කෘත්රිම බුද්ධිය භාවිතයෙන් මඟහරවා ගැනීමට හැකි බව ඔහු සඳහන් කළේය. තමන් තෝරාගත් ක්ෂේත්රවල විශිෂ්ඨයන් වීමට අපේක්ෂා කරන අයට කෘත්රිම බුද්ධිය ප්රගුණ කිරීම අත්යවශ්ය කුසලතාවයක් වනු ඇතැයි පැවසූ ඔහු, තාක්ෂණය සමඟ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්ය දැනුම හා හැකියාවන් දරුවන් තුළ වර්ධනය කළ හැකි අධ්යාපන ක්රමයක අවශ්යතාව ද පෙන්වා දුන්නේ ය.
තවද ඔහු අනතුරු ඇඟවූයේ තාක්ෂණික දියුණුව වැළඳ ගැනීම, මානව ගුණාංග, සාරධර්ම හා සම්ප්රදායන්ට හානි පමුණුවන අයුරින් සිදු නොවිය යුතු බවයි. නව හැකියාවන් වැළඳ ගන්නා අතරතුර ම සමාජය තුළ මෙම මූලික මානව ධර්මතා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළේය.
2026 වසරේ ‘ප්රණාම’ ශිෂ්යත්ව ප්රදානෝත්සවයේ දී 2025 වසරේ 5 ශ්රේණියේ ශිෂ්යත්ව විභාගයෙන් විශ්ෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් 27 දෙනෙකු, 2024 අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයෙන් ඉහළම ප්රතිඵල අත්කරගත් දරුවන් 25 දෙනෙකු, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් 91 දෙනෙකු වෙත ශිෂ්යත්ව පිරිනමන ලදී. මීට අමතරව 2024 සහ 2025 වසරවලදී විශේෂ දක්ෂතා දැක්වූ දරුවන්ට වෙන්වූ ‘Merit’ කාණ්ඩය යටතේ ද තවත් ශිෂ්යත්ව හතරක් පිරිනමන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

