රු.මිලියන 51ක මුදල් ත්යාග ගෙනෙන LankaQR වාසනා දිනුම් ඇදීම ඇරඹේ
ජයග්රාහකයෙකුට රු.මිලියනයක් දක්වා වන සතිපතා සහ මාසික මුදල් ත්යාග ජාතික QR ගෙවීම් ප්රචලිත කිරීමේ වැඩසටහන සිය 'වාසනා දිනුම් ඇදීම' (Lucky Draw) ළඟදීම ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි පළමු දිනුම් ඇදීම් 2026 ඔක්තෝබර් 27දා වන දින පැවැත්වීමට නියමිතය.
ලියාපදිංචියකින් තොරව රට පුරා පැවැත්වෙන මෙම දිනුම් ඇදීම මගින් ගනුදෙනුකරුවන් සහ වෙළඳුන් යන දෙපිරිස විසින්ම LankaQR ගෙවීම් දිනපතා භාවිතා කිරීම දිරිමත් කිරීම සහ ප්රතිලාභ ලබා දීම අරමුණු කෙරේ.
2026 සැප්තැම්බර් 01 වැනි දින සිට 2027 පෙබරවාරි 28 වැනි දින දක්වා සිදුකරනු ලබන සියලුම ගනුදෙනු මේ සඳහා සුදුසුකම් ලබන අතර, 2026 සැප්තැම්බර් 1 වැනි දින සිට LankaQR භාවිතා කර ඇති සෑම පාරිභෝගිකයෙකුම සහ වෙළෙන්දෙකුම කිසිදු කරදරයකින් තොරව ස්වයංක්රීයවම මේ සඳහා ඇතුළත් කර ගනු ලැබේ.
සහභාගිවන්නන්ට මුදල් ත්යාග වර්ග දෙකක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.
- රු. 5,000 ක සතිපතා දිනුම් ඇදීමේ ත්යාග (සතිපතා ජයග්රාහකයින් 250 දෙනෙකුට)
- රු. 1,000,000 බැගින් වන මාසික මහා දිනුම් ඇදීමේ ත්යාග (ජයග්රාහකයින් දෙදෙනෙකුට), රු. 500,000 බැගින් (ජයග්රාහකයින් දෙදෙනෙකුට) සහ රු. 250,000 බැගින් (ජයග්රාහකයින් දෙදෙනෙකුට)
සතිපතා දිනුම් ඇදීම් මඟින් ජයග්රාහකයින් 250 දෙනෙකු (වෙළඳුන් 125 ක් සහ පාරිභෝගිකයින් 125 ක්) තෝරාගනු ලබන අතර, මාසික මහා දිනුම් ඇදීම් මඟින් ජයග්රාහකයින් හය දෙනෙකු (පාරිභෝගිකයින් තිදෙනෙකු සහ වෙළඳුන් තිදෙනෙකු) තෝරාගනු ලැබේ. මෙම මාස හයක කාලය පුරා ලබා දෙන මුළු ත්යාග මුදල රුපියල් 51,000,000 ක් ලෙස ගණන් බලා ඇත.
සුදුසුකම් ලබන සෑම LankaQR ගනුදෙනුවක් මඟින්ම (පුද්ගලයාගෙන් වෙළෙන්දාට සිදුකරන ගනුදෙනු සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුකරන ගනුදෙනු යන දෙවර්ගයම මේ සඳහා සුදුසුකම් ලබයි), අදාළ පාර්ශ්ව දෙකම මෙම දිනුම් ඇදීම් දෙකටම ඇතුළත් වේ. සියලුම ත්යාග මුදල් ජයග්රාහකයාගේ බැංකු ගිණුමට සෘජුවම බැර කරනු ඇත.
යම් මාසයකට අදාළ සියලුම සතිපතා දිනුම් ඇදීම් හතර සහ මාසික දිනුම් ඇදීම ඊළඟ මාසයේදී එකවර පවත්වනු ලැබේ. ඒ අනුව, සැප්තැම්බර් මාසය ආවරණය කරමින් සතිපතා දිනුම් ඇදීම් හතරක් සහ එක් මාසික මහා දිනුම් ඇදීමක් ඔක්තෝබර් 27 වැනි දින සිදු කෙරේ.
මෙම දිනුම් ඇදීම සහභාගී වන බැංකු සහ LankaPay වෙතින් ලැබෙන ගනුදෙනු දත්ත මත පදනම්ව ක්රියාත්මක වන අතර, GovTech ආයතනයේ සහය ඊට හිමිවේ.
විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සෑම දිනුම් ඇදීමක්ම විශේෂ දිනුම් ඇදීම් කමිටුවක් (Draw Committee) මඟින් අධීක්ෂණය කරනු ලැබේ. සෑම දිනුම් ඇදීමක් සඳහාම ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය, ශ්රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අවමවශයෙන් එක් නියෝජිතයෙකු හෝ සහභාගී වනු ඇත.
විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා, ජයග්රාහකයින් පිළිබඳ තොරතුරු සති දෙකක් ඇතුළත අදාළ බැංකු හරහා ප්රකාශයට පත් කෙරෙන අතර, ත්යාග සංචිතය බෙදාහැරීම පිළිබඳ තොරතුරු ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ GovTech ආයතනය මඟින් ප්රකාශයට පත් කෙරේ.
LANKAQR පිළිබඳව
දියුණු QR කේත තාක්ෂණය සමඟින්, LANKAQR පාරිභෝගිකයින්ට මෙන්ම වෙළඳුන්ටද බාධාවකින් තොර ගනුදෙනු අත්දැකීමක් සලසයි. QR ස්ටිකර් හෝ ජංගම/POS ටර්මිනල් හරහා විවිධත්වයක් ලබා දෙමින්, ස්මාර්ට්ෆෝන් මඟින් පහසු සහ ආරක්ෂිත ගෙවීම් සිදුකිරීමට එය ඉඩ සලසයි. ජාත්යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ තරඟකාරිත්වය ඉහළ නැංවීමට ඇති හැකියාව සමඟින්, LANKAQR මූල්ය ආයතනවලට සිය ඩිජිටල් බැංකු සේවා ඉහළ නැංවීමට සහ පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීමට ශක්තියක් සපයයි. මෙම දිරිගැන්වීමේ දිනුම් ඇදීම් කාලසීමාව තුළදී, රු.5,000 ට අඩු සියලුම ගනුදෙනු සඳහා කිසිදු ගනුදෙනු ගාස්තුවක් හෝ වෙළඳ ගාස්තුවක් (transaction or merchant fees) අදාළ නොවේ.
GOVTECH පිළිබඳව
GovTech Sri Lanka (Pvt.) Ltd. යනු ශ්රී ලංකාවේ ජාතික ඩිජිටල් පරිවර්තන ක්රියාවලිය ක්රියාත්මක කිරීමේ ප්රධාන ආයතනයයි. එය ශ්රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගස්වන මූලික ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), වේදිකා (platforms) සහ සේවාවන් මෙම ආයතනය සම්පාදනය කරයි. සෑම පුරවැසියෙකුටම රාජ්ය සේවාවන් වඩාත් සරල, වේගවත් සහ පහසුවෙන් ප්රවේශ විය හැකි පරිදි සකස් කිරීම, ව්යාපාර සඳහා නව වර්ධන අවස්ථා විවර කිරීම මෙන්ම, පුද්ගලයින්ගේ සහ ආයතනවල හැකියාවන් ඉහළ නැංවීම තුළින්, ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු සහ සැමට සමාන අවස්ථා සලසන සමාජයක් ගොඩනැගීමට GovTech ආයතනය සක්රීයව දායක වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

