රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුළු නිෂ්පාදන ලබාගත හැකි අලෙවි සැලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි පැලවත්ත ඉසුරුපාය ගොඩනැගිල්ලේදී විවෘත කර තිබේ.
සංස්ථාවේ අභ්‍යාස පොත් 30%ක වට්ටමකින් මෙහිදී මිලට ගතහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පොස් සැල විවෘත කරන අවස්ථාවේදී සඳහන් කෙරිණි.
මෙමගින් ඉසුරුපාය කාර්යමණ්ඩලයට මෙන්ම පැලවත්ත හා අවට පාරිභෝගිකයන්ට සංස්ථාවේ උසස්ම තත්ත්වයේ නිපැයුම් මිලට ගතහැකි පහසුකම් ලබාදීම මේ අලෙවි හළ විවෘත කිරීමේ අරමුණ වී ඇත.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති එස්.ඒ. බිනර ජයවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.