මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති 'YES CASH CANIVAL' වැඩසටහනේ රු.100,000/- බැගින් හිමිවන ජයග්‍රාහකයින් 25 දෙනා තෝරා ගැනීමේ දිනුම් ඇදීම කොළඹ 02, පිපල්ස් ටවර් හිදී පසුගියදා පැවැත්විණි.
මෙම දිනුම් ඇදීමට 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES ගිණුමේ රු.50,000/- ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, එය 2025 දෙසැම්බර් 31 වැනි දින දක්වා පවත්වා ගෙන ගිය ගනුදෙනුකරුවන් සුදුසුකම් ලැබීය.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අයකිරීම්) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ.යු. ඒ. අන්සාර්, සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ. ජයසිත් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර (අභ්‍යන්තර විගණන) ආර්.එම්.ඒ. කේ. රාජගුරු යන මහත්වරුන් ඇතුළු බැංකු නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වූහ.