2018 අප්‍රේල් මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 7.2ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
එය ආයනයනික මාස 4.1කට සමාන වන අතර, දළ නිල සංචිත හා බැංකු අංශයේ වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය අප්‍රේල් මස අවසානය වනවිට ඇ.ඩො.බිලියන 10.1ක් බව මහ බැංකුව පවසයි.
එය ආනයනික මාස 5.8කට සමාන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.