Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මෑතකාලයේ ලොව පැවැත්වූ සාර්ථකම මාර්ගගත ආයෝජන සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර, ඉදිරි දශකය තුළදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම දෙගුණ, එනම් ඇ.ඩො.8,000ක සීමාව කරා ළඟාවීම තම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් ඉදිරි දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ආර්ථික ක්‍රියාදාමයන් පිළිබඳව දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ අතර, එම දේශනය ඇසුරෙන් සැකසුණු ලිපියකි මේ.
ශ්‍රී ලංකාව යනු ආසියානු කලාපය තුළ උපාය මාර්ගිකව පිහිටා ඇති, නැගීඑන වෙළෙඳ පොළක් වෙත පහසුවෙන් ළඟාවිය හැකි ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන රටකි. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, පසුගිය අභියෝගාත්මක වසරවල්ද ඇතුලත්ව ආසන්න වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය, සංයුක්ත වාර්ෂික වර්ධන වේගයෙන් 5%ක් වශයෙන් සටහන් වේ. රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.4,000ක් වන අතර, එය දකුණු ආසියාවේ සාමාන්‍ය වඩා තුන් ගුණයක් වේ. වර්තමානයට අවශ්‍ය නිවැරදි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් රට වඩා වේගයෙන් දියුණු කළ හැකිය. ලෝකයේ මීළඟ වර්ධන රැල්ල දකුණු ආසියාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ ක්‍රියාත්මක වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළකර ඇත.
එම වර්ධන අවස්ථා උකහා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉතා උපාය මාර්ගිකව ස්ථානගත විය යුතුය. අන්තර්ජාතික මට්ටමේ වරායන් දෙකක් සහ අන්තර්ජාතික ගුවන් තොටුපළවල් තුනක් ඇති ශ්‍රී ලංකාව ප්‍රතිඅපනයන කේන්ද්‍රස්ථානයක් වන අතර, එය දකුණු ආසියාවේ ආර්ථික දොරටුව බවට පත්වෙමින් තිබේ. මෙම හේතුවෙන් එක් උපාය මාර්ගික ස්ථානයක සිට බිලියන තුනකට අධික පාරිභෝගිකයන්ට සමීප වීමට ආයෝජකයන්ට අවස්ථාව ලබාගත හැකිය. මේ නිසා ශ්‍රී ලංකාවට තම දකුණු ආසියානු අසල්වැසියන් සමග කිසිදු බාධාවකින් තොරව වෙළෙඳාම් කිරීමට හැකියාව හිමි වේ. අද වනවිට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම ජීවන පරිසරය සහිත 'කුසලතා බලාගාරය' ලෙස හැඳින්විය හැකිය.
මීට අමතරව, ශ්‍රී ලංකාව යනු රැකියාවක නිරතවීමට, ජීවත් වීමට හා ජීවිතය භුක්ති විඳීමට සුදුසු රටක් ලෙස අන්තර්ජාතිකව ශ්‍රේණිගතකර ඇති රටකි. ඉතාමත් උගත්, පහසුවෙන් පුහුණු කළ හැකි සහ දක්ෂ ශ්‍රම බලකායක් අපට ඇත. ඩිජිටල් සාක්ෂරතාවය 50%කට ආසන්නය. ජනගහණයෙන් 30%ක් පරිගණක සාක්ෂරතාවයෙන් සවිබල වි ඇත. 100%කට ආසන්න තරුණ සාක්ෂරතා අනුපාතයක්ද අප සතුව වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම ජීවන තත්ත්වය සහිත, ජීවත්වීමට සුදුසුම අංක එක ස්ථානයේ ශ්‍රේණිගත වී ඇති රටකි. සාම්ප්‍රදායිකව අප තේ, රබර්, පොල් සහ ඇඟලුම් අපනයනය සඳහා ප්‍රසිද්ධය. එහෙත් ආයෝජකයෙකුට මෙහි ආයෝජනය කිරීමට තවත් බොහෝ ක්ෂේත්‍ර ඇති බව ඔබට පෙනෙනු ඇත.
ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා ඇති පරිදි, දැනටමත් අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සකස්කර ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව ශ්‍රි ලංකාව කලාපයේ අනෙකුත් රටවල් විසින් ලබාගන්නා ආර්ථික දියුණුවත් සමග ඇතිවන ආයෝජන අවස්ථා උකහා ගැනීමට සමත් විය යුතුය. මෙම සියලු ආර්ථික උපායමාර්ගික සැලසුම් ඉදිරි දශකය තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට අත්තිවාරම දමනු ඇත. එවිට වැඩි ඵලදායි ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමෙන් ආයෝජකයන්ට මෙන්ම මෙරට සියලු ජනතාවට වැඩි ප්රතිලාභ අත්වන පරිසරයක් නිර්මාණය වනු ඇත.
ඉදිරි වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම හා සැමට ප්රතිලාභ බෙදීයන අයුරින් ශීඝ්‍ර වර්ධනයක් ලගාකර ගැනීමට අවශ්‍ය ආයෝජන ආකර්ෂණයන් අත්කර ගැනීම සඳහා වූ ක්‍රියාත්මක විය හැකි අංශ හයක් සහ ඊට සමගාමී උප අංශ මේ වන විටත් හඳුනාගෙන ඇත.
නිෂ්පාදනය
අද වනවිට ශ්‍රී ලංකාවෙන් සිදුවන කාර්මික අපනයනවලින් 85%ක්ම නිෂ්පාදනය කරනුයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් විසිනි. පවත්නා කර්මාන්ත පුළුල් කිරීම සඳහා දිරිගැන්වීම් සිදු කරන අතරම, 2025 වනවිට ඇ.ඩො.බිලියනයක අපනයන හෝ ආනයන ආදේශන කරා ළඟාවීම සඳහා ප්‍රධාන නිෂ්පාදන අංශ කිහිපයක් රට තුළ මුල් බැස ගැන්වීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කර ඇත. උදාහරණ ලෙස ඖෂධ නිෂ්පාදනය සහ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික් හා විශේෂයෙන්ම ග්‍රැෆයිට් වැනි තාක්ෂණික උපාංග නිෂ්පාදනය වැනි අවස්ථා ආයෝජකයින්ට ප්‍රයෝජනයට ගත හැකිය.
කෘෂිකර්මය සහ ආහාර සැකසීම
රබර් නිෂ්පාදන, කෘෂි හා ආහාර සැකසුම් සහ ධීවර අපනයනය හරහා ඇ.ඩො.බිලියන 3-5ක අමතර අපනයන ආදායමක් රැස් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඝණ (Off Road) ටයර් නිෂ්පාදනය වෙනුවෙන් වූ ගෝලීය මුලස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇත. අද වනවිට ඇ.ඩො.බිලියනයකට ආසන්න වටිනාකමින් යුතු ටයර් අපනයනය සහ රබර් මත පදනම් වූ නිෂ්පාදන මෙරට සිදු කෙරේ. ඒ වෙනුවෙන් ඉහළ පෙළේ ටයර් නිෂ්පාදකයින් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් සිටිති. මෑත කාලයේ ආරම්භ වන නව ව්‍යාපෘති සමග, සමස්ත අපනයන 2023 වනට ඇ.ඩො.බිලියන 1.8ක් දක්වා ළඟා වනු ඇත. 2025 වනවිට එය ඇ.ඩො.බිලියන 2.5ක අපනයන වෙළෙඳ පොළක් බවට පත් කිරීම අරමුණ වී තිබේ.
කාබනික ගොවිතැනට යොමුවීම රජයේ මෑත කාලීන ප්‍රතිපත්ති වී ඇත. ගෝලීය ආහාර නිෂ්පාදකයින්ට, ඉහළ යන ගෝලීය ජනගහනයේ 'යහපත් ආහාර සංස්කෘතියක්' පිළබඳ ප්රවණතා සපුරාලීම සඳහා ආහාර සැකසුම් වෙනුවෙන් කාබනික නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබාදීමේ වාසිය අත්කර ගැනීමට පෙර නොවූ විරූ අවස්ථාවක් උදාවී තිබේ. අපගේ විශාල වෙරළ තීරයන් සහ පුළුල් ආර්ථික කලාපයන් සමග ඉන්දුනීසියාව වැනි රටවල් අනුකරණය කරමින් ජලජීවී වගාව සහ සමුද්‍ර අපනයනය විශාල ලෙස වැඩි කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.
වෙනත් සේවා සහ යටිතල පහසුකම්
දැනටමත් මෙරට ආයෝජනය ආරම්භ කර ඇති විදේශීය සමාගම් 1,200 ක් පමණ සිය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. වෙළෙඳ, බැංකු, රක්ෂණ සහ නාවික වැනි සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් වරාය නගරය සහ එහි නීති සම්පාදනය කර ඇත. ඒ සමගම සිය මූලස්ථාන හෝ කලාපීය කේන්ද්‍රස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරන සමාගම් සඳහා ශ්‍රී ලංකාවද ඩුබායි, කටාර් සහ ලාබුවාන් වැනි ආකර්ශනීය ආයෝජන තෝතැන්නක් වනු ඇත. රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කරන විට, යටිතල පහසුකම් සම්පාදනය කරන ආයෝජකයන්ට පෙර නොවූ විරූ අවස්ථාවක් නිර්මාණය වේ. විශාල නගර ආශ්රිත ජනතාවකගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මහල් නිවාස, මාර්ග ජාල සහ වේගවත් සංක්‍රමණ පද්ධති වැනි යටිතල පහසුකම් මීට සමගාමීව ගොඩනැගේ.
සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙන රජයක් ලෙස, රටේ තරගකාරිත්වය සහ අනාගත සංවර්ධන සැලැස්ම දියුණු කිරීමට බොහෝ පියවර ගෙන තිබේ. මේ වනවිටත් ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පහසුව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර තිබේ. අප දැනටමත් වසර 5ක ස්ථාවර බදු ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී ඇත. ඒ සියල්ලටත් වඩා රට තුළ ස්ථාවර රජයක් ක්‍රියාත්මක වේ. මීට අමතරව මා කලින් ඔබ සමග සාකච්ඡා කළ, ප්‍රමුඛතා ලබාදිය යුතු අංශවලට තවත් සහාය ලබාදීම සඳහා, වරාය නගර නීතිය හඳුන්වාදී ඇති අතර එමගින් ආයෝජකයන්ට පහසුවෙන් ආයෝජනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත.
වසර 10කින් දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කරමින් ශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ වර්ධන තෝතැන්න බවට පත්වීමට නියමිතය. ආයෝජකයන් විසින් ඔවුන්ට ලබාදෙන ආකර්ෂණීය ආයෝජන අවස්ථා ලින් ප්‍රයෝජනය ගනු ඇත. රජය මෙම ආයෝජන වර්ධනය පවත්වාගෙන යාමත් සමග ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදිතය 7%කට වඩා ඉහළ අගයකින් පවත්වා ගෙන යා හැකිය. එවිට 2025 වනවිට අපනයන හා සේවා ආදායම ඇ.ඩො.බිලියන 30ක් ඉක්මවනු ඇත. දැනුම පදනම් කරගත් ආර්ථිකයකට පහසුකම් සලසමින් සහ ශක්තිමත් 'කුසලතා සංචිතයක්' ගොඩනගමින් රජය අනාගත කුසලතා අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර, හැකියාවෙන් සපිරි උපාධිධාරීන් තුන් ගුණයකින් වැඩි කිරීමට මේ අනුව බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව සිය ලිබරල් ආයෝජන ප්‍රතිපත්ති දිගටම පවත්වා ගෙන යන අතර, ආයෝජකයන්ට100% විදේශීය හිමිකාරිත්වය සහ සැඟවුණු බදු හෝ සීමාවන් නොමැතිව සිය ආදායම් ආපසු ගෙනයාමට ඉඩ ලබාදෙනු ලබයි.
ඩොලර් බිලියනය ඉක්මවූ ප්රමුඛ දිරිගැන්වීම් අවස්ථා සහිත ඖෂධ කලාපයක්
රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශක්තිමත් දේශීය ඖෂධ කර්මාන්තයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත. අප සතු නිපුණතාවයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් ඖෂධ නිෂ්පාදනය මෙන්ම අපනයන වෙළෙඳ පොළ කෙරෙහිද නැඹුරු වෙමින් සිටී. හම්බන්තොට වරායට හා අන්තර්ජාතික ගුවන් තොටුපළට යාබදව අක්කර 400ක ඖෂධ නිෂ්පාදන කලාපයක් ඉදිකරමින් පවතී. මුහුදු හා ගුවන් සේවා හරහා ඊට පහසුවෙන් ළඟාවිය හැකිය. සාමාන්‍ය එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ මෙන්ම, පිළිකා රෝගය වැනි රෝග සඳහා වූ ඉහළ වටිනාකමින් යුතු ඖෂධ දක්වා වූ ඕනෑම වර්ගයක ඖෂධ නිෂ්පාදනයක් සඳහා මෙරට අවස්ථාව ඇත. ව්‍යාපාර ආරම්භ කිරීමේදී පාරිසරික හා වෙනත් පූර්ව අවසරයන් ලබාගැනීම වෙනුවෙන් හැකියාව පවතින අතර, එමගින් ඕනෑම සුදුසුකම් සහිත ආයෝජකයෙකුට කර්මාන්තය ආරම්භ කිරීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු කරයි. මෙම උපායමාර්ගික මුලපිරීමට සහාය දැක්වීම සඳහා රජය වසර 10ක් දක්වා නොමසුරුව බදු සහන ලබාදෙන අතර, විශාල ආයෝජකයන් සඳහා විශේෂ දිරි දීමනා පැකේජද ලබාදෙනු ඇත.
ලොව වඩාත්ම මානව හා පාරිසරික හිතවාදි ප්රතිපත්තීන් අනුගමනය කෙරෙන ඇඟලුම් මූලාශ්‍ර ගමනාන්තය
ශ්‍රී ලංකාව ඇඟලුම් සඳහා ශක්තිමත් අතීත උරුමයක් පවතින අතර 1960 දශකයේ මැද භාගයේ සිට අපනයනය සිදු කරයි. ඇඟලුම් අංශයේ 400,000කට ආසන්න පිරිසක් සෘජු රැකියාවල නියුක්තව සිටී. ලෝකයේ ජනප්‍රිය වෙළෙඳ සන්නාම වැඩි ප්‍රමාණයක ඇඟලුම් අප විසින් නිපදවනු ලබයි. සාධාරණ ශ්‍රම පිළිවෙත් අනුව ශ්‍රී ලංකාව වඩාත්ම ආචාර ධාර්මික මූලාශ්‍ර සහිත නිෂ්පාදන කේන්ද්‍ර ස්ථානයකි. ගෝලීය ප්රවණතාවයන් කලින්ම හඳුනා ගනිමින් වඩාත් පරිසර හිතකාමී ලෙස ඇඟලුම් නිෂ්පාදන හා අපනයන කේන්ද්‍රස්ථානය වීමට බලාපොරොත්තු වෙයි. මේ තුලින් සැපයුම් දාමය ශක්තිමත් කිරීම මෙන්ම, නිෂ්පාදකයන්ගේ සහ ගැනුම්කරුවන්ගේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අපට හැකි වේ. දේශීය නිෂ්පාදනය වෙනුවෙන් ඇ.ඩො.බිලියනයක් වටිනා අමුද්‍රව්‍ය ආනයනය සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට ආයෝජකයින්ට අවස්ථාව විවෘත පවතී.
දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙසද ශ්‍රී ලංකාව සැලකේ. 2025 වනවිට අපගේ ඉලක්කය දැනට ඇති අපනයන ආදායම දෙගුණ කරමින්, ඇ.ඩො.බිලියන 3ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීමය. ලෝක මට්ටමේ 'කුසලතා සංචිත' සංවර්ධනය හා පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සම්බන්ධ අපනයන දෙගුණ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. ඒ සමගම ග්‍රාමීය ප්‍රජාවන්ට පවා අධිවේගී අන්තර්ජාල පහසුකම් වැනි යටිතල පහසුකම් ලබාදීම, තොරතුරු තාක්ෂණ උද්‍යාන 5ක් සංවර්ධනය කිරීම සහ නව නීති රාමුවක් සකස් කර හදුන්වා දීමට සැලසුම් කර ඇත. එසේම දැනටමත් ඒ උත්සාහයන්ගේ සාර්ථකත්වය දැකගත හැකිය. ශ්‍රී ලංකාව සතු ගුණාත්මක කුසලතා සංචිතයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෑතකදී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද එච්.සී.එල් (HCL) වැනි ගෝලීය ප්‍රමුඛයන් මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වීමට අවශ්‍ය සැලැසුම් සකස්කර ඇත. මෙම අංශයේ වැදගත්කම වටහා ගත් රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම් සඳහා ආයතනික බදු 0%ක් දක්වා සහන ලබාදී ඇත.
සංචාරක ව්‍යාපාරය
ශ්‍රී ලංකාව ඇ.ඩො.බිලියන 8ක් වටිනා ආදායමක් ඉලක්ක කර ගනිමින් 2025 වනවිට සංචාරකයන් මිලියන 4කගේ පැමිණීම අපේක්ෂා කරයි. ඔබ හිරු රැස්වලට හෝ සාගරයට හෝ වෙරළට කැමැත්තක් දක්වන්නකු වුවත්, අවුරුදු 2500ක උරුමයක් දැකගැනීමට කැමැත්තෙන් සිටින්නකු වුවත්, ආර්යුවේද අත්දැකීමක් ලැබීමට සුදානමින් සිටින්නකු වුවත්, එසේම වනජීවීන්ට ආදරය කරන්නකු වුවත්, රසවත් ආහාර සොයන්නකු වුවත්, ඔබේ ඕනෑම අවශ්‍යතාවක් අද්විතීය ලෙස සපුරාලීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටී.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීම සඳහා වැයවන්නේ අඩු පිරිවැයකි. නව රජයේ 2021 අයවැය මගින් බදු ව්‍යුහය සම්බන්ධයෙන් වසර 5ක නොවෙනස් ප්‍රතිපත්තියක් හඳුන්වාදී ඇත. තරඟකාරී රටවල් විසින් පිරිනමන සමාන හෝ වඩා හොඳ දිරිගැන්වීම් සඳහා ලබාදී ඇති ආකර්ශනීය බදු සහනවලින් ඔබ්බට ගොස් ආයෝජකයන්ට අවශ්‍ය නිශ්චිතභාවය ලබාදී තිබේ.
ආයෝජකයන් සඳහා ආයෝජන මණ්ඩලය විසින් බදු රහිතව ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා අවස්ථාව ලබාදී ඇත. ජපානයේ 'ජෙට්රෝ' සමීක්ෂණයට අනුව කලාපයේ අවම පිරිවැය යටතේ විදුලි සැපයීමද ශ්‍රී ලංකාව සිදුකරයි. ශ්‍රම පිරිවැය සහ ස්ථානීය වාසි සමඟ මේ සියල්ල ඒකාබද්ධව ගත්විට ශ්‍රී ලංකාව ආයෝජකයන්ට අනගි ආයෝජන තෝතැන්නක් වී ඇත.
ව්‍යාපාරික කටයුතුවල පහසුව සඳහා ශ්‍රී ලංකාව ඉහළ තලයකට ගෙන ඒමට රජය සාමූහික ප්රයත්නයක් දරමින් සිටී. පසුගිය වසරේ බලයට පත්වූදා සිට, ව්‍යාපාර කටයුතුවල පහසුව වැඩි දියුණු කිරීම සඳහා රජය බොහෝ පියවර ගෙන තිබේ. ඒ අතුරින් කිහිපයක් නම්, නීති පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම, විශේෂයෙන් යම් කර්මාන්තයන්ට අදාල රෙගුලාසි හෝ සීමාවන් ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීමට කමිටු පත් කිරීම, රේගු ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය තීරණ ගැනීම සදහා කොමිෂන් සභාවක් පත් කිරීම, ආයෝජන සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක් පත් කිරීම සහ තවත් බොහෝ දේ සිදුකර ඇත. 2025 වනවිට ශ්‍රී ලංකාව ඉහළම තලයට ගෙනඒම සඳහා ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව සම්බන්ධ ගැටලු විසඳීම වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාව පත්කර ඇත.
ස්ථාවර හා අඩු අවදානම් සහිත ව්‍යාපාරික පරිසරයක් ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර ඇත. එහි ප්රගතිශීලී, ආයෝජක හිතකාමී නීති තවදුරටත් සකස් කෙරෙමින් පවතින අතර ශක්තිමත් ප්රජාතන්ත්රවාදී රජයක අනුග්‍රහය ලබමින් ආයෝජකයන්ගේ ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද සහතික කර තිබේ.
කොළඹ වරාය නගරය
දකුණු ආසියාවේ දොරටුව හෙවත් කොළඹ ප්‍රධාන ව්‍යාපාරික දිස්ත්‍රික්කය වන වරාය නගරය වෙනුවෙන් නව නීති සම්පාදනය කර ඇත. එමගින් සේවා අංශ සඳහා පහසුකම් සැලසීම සහ කලාපයේ බිලියන 3කට ආසන්න පාරිභෝගිකයින්ට සේවා සැපයීම සඳහා කලාපීය මූලස්ථාන පිහිටුවීමට ව්‍යාපාර දිරිමත් කිරීම වෙනුවෙන් ඩුබායි, කටාර් සහ ලැබුවාන් හා තරග වැදීමට සමත් නීති පද්ධතියක් හා යටිතල පහසුකම් ඇති වෙමින් පවතී. ඉදිකිරීම කේෂ්ත්‍රයේ ආයෝජකයන්ට, රෝහල්, අන්තර්ජාතික පාසල්, විනෝදාස්වාදය සපයන කලාප, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, විනෝදය සඳහා යාත්‍රා සහ කුඩා බෝට්ටු සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද වරායන් සහ සම්මන්ත්රණ මධ්‍යස්ථාන, කාර්යාල සංකීර්ණ වැනි ප්‍රධාන යටිතල පහසුකම් ගොඩනැගීමට අවස්ථාවක් සපයයි.
සාරාංශයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාවේදී ආයෝජකයන්ට අනගි අවස්ථාවන් රැසක් නිර්මාණය වෙමින් පවතී. මෙම දශකය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට බලාපොරොත්තු වෙයි. ප්‍රධාන ක්ෂේත්‍ර හයක් හඳුනාගෙන ඇති අතර, අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව ක්‍රියාත්මක වෙමින් පවතී. මීට සමගාමීව ඔබට වාසි ලබා ගැනීම සඳහා අවශ්‍ය ආයෝජක හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වේ.
ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්, ශ්‍රී ලංකාව ඔබේ ඊළඟ ආයෝජන ගමනාන්තය ලෙස සලකන ලෙසත්, ඔබේ සලකුණ මෙහි තැබීමට බලාපොරොත්තු වන ලෙසත් මෙහි සවන් දෙන ඔබ සැමට ආරාධනා කරමි.
රටේ ඉහළම ආයෝජන ප්‍රවර්ධන ආයතනය ලෙස මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු. තවද අපි ඔබට මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සහ කෙටි කාලයකින් සියලු පහසුකම් සැලසීමට මැදිහත් වන්නෙමු.
ශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ වර්ධන තෝතැන්නයි. එහි වාසිය නොපමාව ලබාගන්න. ඔබගේ කාලය සඳහා ස්තූතියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd