ජල අභිමානි ජාතික ප්‍රජා ජල ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් මාලාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
පානීය ජල ගැටලුවට මුහුණ පා ඇති දිවයින පුරා ගම් 1,000ක ජනතාවට ජලය ලබා දීම අදාළ ව්‍යාපෘතියේ අරමුණ වන අතර, ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාගෙන ගම් සංඛ්‍යාව 21කි. ඉන් ගම් හතරක ප්‍රජා ජල ව්‍යාපෘති ආරම්භ කිරීම මෙසේ සිදුවී ඇත.
ඒ අනුව, රු.මිලියන 15.64ක වියදමෙන් ඉදිකෙරෙන පිටබැද්දර, මහපොතුවිල ප්‍රජා ජල ව්‍යාපෘතිය, රු.මිලියන 8.49ක වියදමෙන් ඉදිකෙරෙන කොටපොල ළිඳගාවහේන ප්‍රජා ජල ව්‍යාපෘතිය, රු.මිලියන 24.41ක වියදමෙන් ඉදිකෙරෙන සීනිපැල්ල බමුණුගම ප්‍රජා ජල ව්‍යාපෘතිය සහ රු.මිලියන 14.55ක වියදමෙන් ඉදිකෙරෙන මුලටියන බටදොළ ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදුව ඇ. මෙම ව්‍යාපෘති ආරම්ක කිරීම සඳහා වන චෙක්පත් ප්රදානය කිරීමට මුදල් අමාත්‍යවරයා අතින් සිදුකර ඇති අතර, මෙම ව්‍යාපෘති සියල්ල මෙම වසරේ දෙසැම්බර් මස 31දාට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.