කොමර්ෂල් බැංකුව වෙත 2,000 වන සන්ධිස්ථානගත ණය ඇපකරයත්
ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්‍රමාණය ලබා දී ඇති බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සිය වෙළඳපල මූලිකත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත.
මෙම වැඩසටහන වෙනුවෙන් බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) විසින් සිය 2,000 වන ඇපකරය කොමර්ෂල් බැංකුව වෙත නිකුත් කිරීමේ සුවිශේෂී අවස්ථාව මෑතකදී සනිටුහන් කරන ලදී.
කොමර්ෂල් බැංකුව විසින් ජාතික රාමුව තුළ, NCGIL විසින් දියත් කරන ලද ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය හරහා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඇතුළුව, දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා පුළුල් සහයෝගයක් ලබා දෙයි. ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති සියලුම පහසුකම් වලින් තුනෙන් එකක් පමණ වන ඇපකර 600 ක ප්‍රමාණයක් ලබා ගනිමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහය ලබාදීමේ තම ප්‍රමුඛත්වය තහවුරු කළ කොමර්ෂල් බැංකුව, මේ වනවිට එම අංශය සඳහා රුපියල් බිලියන 2.97 ක මුළු ණය ප්‍රමාණයක් ලබා දී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, “මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සන්ධිස්ථානයට ළඟා වීම මගින් මෙම ජාතික ණය ක්රමයේ ශක්තිය සහ ශ්‍රී ලංකාව පුරා ව්‍යාවසායකයින්ගේ නොසැලී සිටීමේ හැකියාව හා විභවය යන දෙකම පිලිබිඹු කරනවා. බැංකුවක් ලෙස සාම්ප්‍රදායික ණය දීමෙන් ඔබ්බට ගිය නව්‍ය හවුල්කාරීත්වයන් හා ඉලක්කගත මූල්‍ය විසඳුම් හරහා මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශය පුළුල් කිරීමට අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා. අපගේ අවධානය හුදෙක් ප්රාග්ධනය සැපයීම කෙරෙහි පමණක්ම නොව, උපදේශන සහය, ධාරිතාව වැඩි කිරීම මෙන් ම මූල්‍ය ඇතුලත් කිරීමේ වැඩසටහන් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වල තිරසාර සංවර්ධනයක් ඇති කිරීම කෙරෙහි ද යොමු වී සිටිනවා” යැයි පැවසීය.
සාම්ප්‍රදායික බැංකු ණය ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් අවශ්‍ය වන ඇපකරයක් නොමැති වුවද, සාර්ථක ව්‍යාපාර ආකෘතියක් සහ හොඳ ආපසු ගෙවීමේ හැකියාවක් පෙන්නුම් කරන ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීම උදෙසා NCGIL විසින් ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදීි. අර්ධ ණය ඇපකරවල සහාය ලබන මෙම යෝජනා ක්‍රමය හරහා ඊට සම්බන්ධ මූල්‍ය ආයතනවලට තම ගනුදෙනුකරුවන්ට ඇපකර රහිත ණය ලබා දීමේ හැකියාව ලබා දෙයි.
කාන්තා ව්‍යවසායකයින් සඳහා වෙන් වූ ‘ලිය ශක්ති’ වැනි විශේෂිත උප ණය යෝජනා ක්‍රම ද ඊට ඇතුළත් වන අතර ඒ හරහා ව්‍යාපාර සංවර්ධනයට බාධා පමුණුවන ප්‍රධානතම ගැටළුවකට විසඳුම් ලබා දීම සිදු කෙරේ.
NCGIL සමඟ බැංකුව ඇති කරගෙන ඇති මෙම හවුල්කාරීත්වය, අවදානම් අවම කරමින් මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කෙරෙන, නව්‍ය ණය පහසුකම් ක්‍රම සහ උපායමාර්ගික සහයෝගීතා හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණය ශක්තිමත් කිරීම සඳහා වෙන් වූ පුළුල් උපායමාර්ගයක කොටසකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

