Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා
2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ද මෙහි ඇතුළත් වේ. ඊට අමතරව, 2025 වර්ෂයේ මූල්‍ය ස්ථායීතා විවරණයෙහි සංක්ෂිප්ත වාර්තාවක් ද ප්‍රකාශයට පත් කරන ලදී. මූලික වශයෙන්මෙම වාර්තාව මගින් 2025 ජූනි මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කර ඇත.
2025 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණය සහ මූල්‍ය ස්ථායීතා ඉදිරි දැක්ම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ:
2025 වසරේ පළමු භාගයේ දී මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව වර්ධනය විය. ගෝලීය අවිනිශ්චිතතාවය ඉහළ යෑම සහ මෑත කාලයේ දී අත්විඳින ලද ආර්ථික අර්බුදයේ බලපෑම් මධ්‍යයේ වුව ද දේශීය සාර්ව ආර්ථික තත්ත්වයන්හි ඇති වූ හිතකර වර්ධනයන් මේ සඳහා සහාය විය.
■ දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන්හි (Macrofinancial Conditions) වැඩිදියුණු වීම මධ්‍යයේ, සලකා බලන කාල සීමාව තුළ, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට මූල්‍ය ආයතන විසින් ලබා දුන් ණය ඉහළ ගියේය. ආර්ථික නිමැවුම් පුළුල් වීම සහ පහළ ගිය මිල මට්ටම් සමඟ කුටුම්බ සහ ව්‍යාපාරවල ශේෂ පත්‍ර මත පැවති පීඩනය ලිහිල් වීමමේ සඳහා සහාය විය.
■ බැංකු සහ මුදල් සමාගම් විසින් ලබා දෙන ලද ණය ඉහළ ගිය ද, විශේෂයෙන්ම රාජ්‍ය අංශයෙන් ණය සඳහා පවතින ඉල්ලුම අඩුවන පසුබිමක, පෞද්ගලික අංශයේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම හා සැසඳීමේදී පහළ මට්ටමක පැවතීම මගින් එම අනුපාතය තවදුරටත් ඉහළ යෑම සඳහා අවකාශය ඇති බව පෙන්නුම් කරයි.
■ කෙසේ වුවද, ණය චක්‍රය ප්‍රසාරණය වන අවධියක, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශයේ ණය සහ එහි දිගු කාලීන ප්‍රවණතාව අතර පරතරය පුළුල් වූ අතර, එමගින් ඇති විය හැකි පද්ධතිමය අවදානම් අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා ඇති අවශ්‍යතාව පෙන්නුම් කරයි.
■ මේ අතර, බැංකු අංශය විසින් ලබාදුන් ණය සහ ලබා ගත් තැන්පතු අතර අනුපාතයෙන් පිළිබිඹු වූ පරිදි, මූල්‍ය අතරමැදිකරණය ද, පහළ මට්ටමක පැවතුණි.
■ ණය වර්ධනය වන මෙම ප්‍රවණතාව මධ්‍යයේ වුව ද, මේ වනවිට ක්‍රියාත්මක වන ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සහ පිරිවැය පිළිබිඹු කෙරෙන මිලකරණයේ බලපෑම් පෙන්නුම් කරමින්, රජය සහ රාජ්‍ය සංස්ථා වෙත නිරාවරණය වීමේ නැඹුරුව අඛණ්ඩව පහළ යමින් පැවතුණි.
■ පොලී අනුපාතික වෙනස් වීමේ ප්‍රවණතාව අනුව එම අනුපාතික අඩු වෙමින් පැවතියද, ණය සහ තැන්පතු පොලී අනුපාතික අතර පරතරය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණ අතර, එමගින් දේශීය පොලී අනුපාතික ව්යුහයතවදුරටත් වැඩිදියුණු වීම සඳහා ඇති අවස්ථාව ඉස්මතු කෙරේ.
2025 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අටක කාලය තුළ 2024 වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව සමස්ත වෙළෙඳපොළ තත්ත්වයන් වැඩිදියුණු වීමත් සමඟ මූල්‍ය ආතති දර්ශකය මගින් පිළිබිඹුවන පරිදි මූල්‍ය වෙළෙඳපොළ ආතතිය පහළ මට්ටමක පැවතුණි.
■ වාර්තාගත ඉහළම මිල දර්ශක සමඟින් කොටස් වෙළෙඳපොළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කළ අතර මේ සඳහා දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය මුල් විය. එසේ වුව ද, දේශීය කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශීය ආයෝජකයින් තුළ පවතින ආකර්ෂණය මෙම කාල වකවානුවේ දී අඛණ්ඩව පහත වැටුණි. මිල දර්ශක ඉහළ යාමේ ප්‍රවණතාව මධ්‍යයේ 2025 වසරේ පළමු මාස අටක කාලය තුළ දී වෙළෙඳපොළ විචල්‍යතාව (volatility) ඉහළ ගිය අතර කොටස් මිල එහි පොත් අගයට ඇති අනුපාතයේ (Price to Book Value Ratio - PBV) ඉහළ යෑමක්ද නිරීක්ෂණය විය.
■ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සහ ලිහිල් මුදල් ප්රතිපත්තිවල සහායෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ඵලදා වක්‍රය පහළට විතැන්ව සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතුණි. ඵලදා අනුපාතික පහළ ගිය ද, ප්‍රාථමික වෙන්දේසිවලදී රජයේ සුරැකුම්පත් සඳහා ලද ලංසු ප්‍රමාණය ඉහළ යෑම මගින් පිළිබිඹු වන පරිදි රජයේ සුරැකුම්පත් සඳහා වූ ඉහළ ඉල්ලුම අඛණ්ඩව පැවතුණි. තවද, මෙම වර්ධනය සඳහා භාණ්ඩාගාර බැඳුම්කර දායක වූ අතර, භාණ්ඩාගාර බිල්පත් සංචිත අඩුවීම මගින් ඉහළ ඵලදා අනුපාතික ලබා ගැනීමේ අරමුණින් දිගු කාලීන සුරැකුම්පත් වෙත යොමු වීම සඳහා ආයෝජකයින් තුළ පවතින කැමැත්ත පිළිබිඹු විය.
■ මේ අතර, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම්වල සහායෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ වර්ධනයක් දැකගත හැකි විය. තවද, මිල දී ගැනීමේ සහ විකිණීමේ අනුපාතික අතර පරතරය අඩු වීම මගින් පිළිබිඹු වූ පරිදි දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වය වර්ධනය වූ අතර එ.ජ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අනුයාත වසර දෙකක දී අතිප්‍රමාණය වීමෙන් පසුව 2025 වසරේ මුල් මාස අට තුළ අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළේය.
■ 2025 වසරේ අගෝස්තු මාසයේ දී දේශීය මුදල් වෙළෙඳපොළ ගනුදෙනු පරිමාව එහි වාර්තාගත ඉහළම අගය වෙත ළඟා වූ අතර මෙම කාල සීමාවේදී ප්රතිමිලදී ගැනුම් වෙළෙඳපොළ තුළ මාසික ගනුදෙනු පරිමාව, ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි මාසික ගනුදෙනු පරිමාව අඛණ්ඩව ඉක්මවා යමින්සුරුකුම්ගත ණය සඳහා වෙළඳපොළ සහභාගිවන්නන්ගේ වඩා ක්‍රියාකාරී සහභාගීත්වය පිළිබිඹු විය. මේ අතර, රාජ්‍ය බැංකු සහ විදේශ බැංකුවල අතිරික්ත ද්‍රවශීලතා තත්ත්වය හේතුවෙන් සලකා බලනු ලබන කාල පරිච්ඡේදය තුළ දී මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව අතිරික්ත මට්ටමක පැවතුණි.
සාර්ව ආර්ථික තත්ත්ව යථා තත්ත්වයට පත් වීම මධ්‍යයේ, ලාභදායීත්වය, ප්‍රාග්ධන ප්රමාණාත්මකතාව, කාර්යක්ෂමතාව, වත්කම්වල ගුණාත්මකභාවය සහ වෙළෙඳපොළ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව යන දර්ශක මගින් පිළිබිඹු වන පරිදි බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය විය. මෙය බැංකු සාධනීයත්ව දර්ශකයේ (Banking Soundness Index - BSI) කාර්යසාධනය මගින් පිළිබිඹු විය.
■ කෙසේ වුවද, බැංකු අංශයේතෙවන අදියර යටතේ පවතින ණය අනුපාතිකය අඩු වීමේ ප්‍රවණතාවක් වාර්තා වුව ද එය තව දුරටත් ඉහළ මට්ටමක පැවතුණි.
■ රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය (Liquidity Coverage Ratio - LCR) අනුව මනිනු ලබන බැංකු අංශයේ ද්‍රවශීලතා මට්ටම, අඛණ්ඩ ණය වර්ධනය මධ්‍යයේ සුළු අඩු වීමක් වාර්තා කළ ද අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පැවතුණි. ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතයෙහි (Net Stable Funding Ratio - NSFR) ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එමගින් වත්මන් ආර්ථිකය පවතින මෙම සන්ධිස්ථානය තුළ තවදුරටත් ණය වර්ධනය සඳහා දායක වීමට ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමක් පවතින බව පෙන්නුම් කළේය.
■ මේ අතර, ශුද්ධ පොලී ආදායමේ ඉහළ යෑම සමඟ 2025 වසරේ පළමු භාගය තුළ බැංකු අංශයේ ලාභදායීත්වය වැඩිදියුණු විය.
■ ඉහළ ගිය ලාභදායීත්වය සහ දෙවන ස්ථර ප්රාග්ධනය සමඟ, 2025 වසරේ දෙවන කාර්තුව අවසාන වන විට සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (Capital Adequacy Ratio - CAR) ද, 2024 වසරේ අනුරූප කාලයට සාපේක්ෂව වර්ධනය විය.
2025 වසරේ පළමු භාගය තුළ මුදල් සමාගම් අංශය ශක්තිමත් ණය වර්ධනයක් වාර්තා කළේය. වාහන ආනයන සීමා ඉවත් කිරීම, රන් මිල ඉහළ යෑම සහ අඩු වෙළඳපොළ පොලී අනුපාතික මධ්‍යයේ වාහන සහ රන් ඇපකර වශයෙන් ඇති ණය පහසුකම්වල වර්ධනය මගින් මෙම අංශයේ ණය වර්ධනය ඉහළ යෑම සිදු විය.
■ මේ අනුව, ඉහළ ඇපකර අවදානමක් ඇති කරමින්, මෙම අංශයේ ණය කළඹෙහි ඇපකර වත්කම් කාණ්ඩ කිහිපයකින් පමණක් ප්‍රධාන වශයෙන් සමන්විත වී තිබුණි.
■ මුදල් සමාගම් අංශයේ ණය කළඹෙහි සැලකිය යුතු වර්ධනයෙහි බලපෑම පිළිබිඹු කරමින්, 2024 වසරෙහි දෙවන කාර්තුවේ අවසානයට සාපේක්ෂව 2025 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට මෙම අංශයේ තෙවන අදියර යටතේ පවතින ණය අනුපාතිකය සැලකිය යුතු ලෙස පහත වැටුණි.
■ මේ අතර, මුදල් සමාගම් අංශයේ ද්‍රවශීල වත්කම් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළින් පැවතිය ද, වාර්ෂික පදනම මත, අනුක්‍රමික කාර්තු හතරක් තුළ එහි පහළ යෑමක් වාර්තා කළේය.
■ බැංකු අංශයෙහි මෙන්ම, සලකා බලනු ලබන කාල පරිච්ඡේදය අතරතුර, ඉහළ ගිය ශුද්ධ පොලී ආදායමේ සහාය ඇතිව, මුදල් සමාගම් අංශයේ ලාභදායීත්වයේ ද සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා විය.
■ මේ අතර, ණය වර්ධනයට අනුකූලව, අවදානම් මත බර තැබූ වත්කම් (Risk Weighted Assets - RWA) ඉහළ යෑම හේතුවෙන් මෙම අංශයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතිකයෙහි (CAR) සුළු පහළ යෑමක් දක්නට ලැබුණ ද, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පැවතුණි.
■ රක්ෂණ අංශය තුළ, රටෙහි රක්ෂණ ව්‍යාප්තියෙහි සුළු වර්ධනය මධ්‍යයේ, දිගු කාලීන සහ සාමාන්‍ය රක්ෂණ යන උප අංශ දෙකෙහිම දළ ලියාහළ වාරිකවල (Gross Written Premium - GWP) වර්ධනයක් දක්නට ලැබුණි.
2025 වසරේ පළමු භාගය තුළ කුටුම්බ සහ ආයතනික යන අංශ දෙකෙහිම ණය වර්ධනයක් වාර්තා විය. සාර්ව ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම සහ වෙළඳපොළ තුළ පැවති අඩු පොලී අනුපාතික මෙම ණය වර්ධනය සඳහා සහාය විය.
■ 2024 වසරේ පළමු භාගයේ දී වාර්තා කළ මධ්‍යස්ථ වර්ධනයට සාපේක්ෂව, කුටුම්බ අංශය වෙත ලබා දුන් ණය කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. කුටුම්බ අංශය සඳහා අරමුදල් සැපයීමේ ප්‍රධාන විධිමත් මූලාශ්‍රය ලෙස බැංකු අංශය අඛණ්ඩව පැවතුණ ද, විශේෂයෙන්ම වාහන ආනයනය සඳහා පැවති සීමා ඉවත් කිරීමත් සමඟ, බැංකු නොවන මූල්‍ය ආයතන විසින් සපයන ලද අරමුදල්වල දායකත්වය ඉහළ ගියේය.
■ සලකා බලනු ලබන කාල සීමාව තුළ දී ආයතනික අංශය වෙත ලබා දුන් ණය ද ඉහළ වර්ධනයක් වාර්තා කළ අතරම මෙම අංශයට ලබා දුන් ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු අංශය විසින් සපයන ලදී.
■ කාලය මත පදනම්ව ගණනය කරනු ලබන අක්‍රීය ණය අනුපාතය මගින් පිළිබිඹු වන පරිදි ණයවල ගුණාත්මකභාවය 2024 වසරේ දෙවැනි කාර්තුවේ සිට ක්‍රමානුකූලව ඉහළ ගියේය.
■ සලකා බලනු ලබන කාල සීමාව තුළ ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම්වල ලාභාදයීත්වයේ සැලකිය යුතු වර්ධනයක් සමඟ හිතකර කාර්යසාධනයක් වාර්තා කළ අතර ආදායමෙහි මධ්‍යස්ථ වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයන් මධ්‍යයේ ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් අංශයේ ණය ගෙවීමේ හැකියාව ඉහළ ගියේය. ඒ අනුව, සලකා බලනු ලබන කාල සීමාව තුළ මෙම අංශයෙහි මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යෑම පෙන්නුම් කරයි.
මෙම කාලය තුළ දී මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී.
■ පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකු නම් කිරීම මෙන්ම මෝටර් රථවාහන සම්බන්ධයෙන් ලබා දෙනණය පහසුකම් සඳහා අදාළ වාහනයෙහි වටිනාකම මත පදනම්ව පැනවෙන උපරිම ණය සීමාවන් සංශෝධනය කිරීම වැනි මූල්‍ය පද්ධතියෙහි ස්ථායීතාව සුරක්ෂිත කිරීම අරමුණු කරගත් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති ඊට ඇතුළත් විය.
■ මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ විධාන නිකුත් කළ අතර අවදානම් කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මුදල් සමාගම්වල නියාමන රාමුව ද තවදුරටත් ශක්තිමත් කළේය.
■ තවද, සයිබර් ආරක්ෂණ තර්ජන, මූල්‍ය වංචා සහ කූටෝපක්රමවල ඉහළ යෑම නිරීක්ෂණය වීමත් සමඟ, ඩිජිටල් ගෙවීම්වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම, මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මහජන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව පූර්වගාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය.
■ මීට අමතරව, රට තුළ නිරාකරණ රාමුව (Resolution Framework) ශක්තිමත් කිරීමට මෙන්ම මූල්‍ය ආයතනවල මෙහෙයුම් කටයුතුවල පෙරසූදානම ඉහළ නැංවීමට ද මෙම කාලය තුළ පියවර ගන්නා ලදී.
■ මෙම ප්‍රතිපත්තිවලට අමතරව, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීම යන මුලපිරීම්වලට අදාළ තවත් ක්‍රියාමාර්ග රැසක් මහ බැංකුව ක්‍රියාත්මක කළේය.
■ තවද, මූල්‍ය අංශය මුහුණ දෙන දේශගුණික විපර්යාස අවදානම් ඉහළ යෑම මධ්‍යයේ, මහ බැංකුව මූල්‍ය අංශයේ අදාළ පාර්ශ්වකරුවන්ගේ ද සහාය ඇතිව 2025 වසරේ මැයි මාසයේ දී තිරසාර මූල්‍ය පෙරදැක්ම 2.0 (Sustainable Finance Roadmap 2.0) දියත් කළ අතර, එමගින් සමාජීය අංශයද එහි විෂය පථය තුළට ඇතුළත් කෙරේ.
මූල්‍ය ස්ථායීතා ඉදිරි දැක්ම
සාර්ව ආර්ථිකය වේගවත්ව යථා තත්ත්වයට පත්වීම සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වීම තුළින් මූල්‍ය අංශයේ ස්ථායීතාව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
■ දේශීය නිෂ්පාදිතය ඉහළ යෑම, උද්ධමනය සහ පොලී අනුපාත අඩු මට්ටමක පැවතීම සමඟම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වීම මධ්‍යයේ, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට අඛණ්ඩව ණය ලබාදීමත් සමඟ, මූල්‍ය ආයතන විසින් ලබා දෙන ණය ප්‍රසාරණය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
■ තවද, නිමැවුම් මට්ටම ඉහළ යෑම සහ ස්ථාවර මිල මට්ටම් සමඟ කුටුම්බ සහ ආයතනවල ශේෂ පත්‍ර මත පවතින පීඩනය අඛණ්ඩව ලිහිල් වීම මූල්‍ය ආයතනමගින් ලබා දෙන ණයවල ගුණාත්මකභාවය සඳහා සහාය වෙමින් පවතී.
■ කෙසේ වුවද, ණය චක්‍රයේ ප්‍රසාරණ අවධිය හරහා ආර්ථිකය ඉදිරියට ගමන් කරන විට, තෙවන අදියර යටතේ පවතින ණය තවමත් ඉහළ මට්ටමක පවතින බැවින්, පවතින තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කිරීම සහ මතුවිය හැකි දුර්වලතා මෙන්ම ඇතිවිය හැකි අවදානම් වලට පිළියම් යෙදීම සඳහා පූර්වගාමී පියවර ක්‍රියාත්මක කිරීම මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇත.
■ තවද, විශේෂයෙන්ම විදේශ අංශයේ වර්ධනයන් සමඟින් සාර්ව මූල්‍ය තත්ත්වයන්හි ඇතිවන බලපෑම මගින් මූල්‍ය ස්ථායීතාව පහළ යෑමේ අවදානම් පවතී. විදේශ වෙළඳාම මත බෙහෙවින් රඳා පවතිනකුඩා විවෘත ආර්ථිකයක්ඇති රටක් ලෙස, විශේෂයෙන්ම ආනයන ඉහළ යෑමක් මධ්‍යයේ අපනයන ආදායම් මත ඇති විය හැකි සීමාවන් හේතුවෙන්, ගෝලීය අවිනිශ්චිතතාවයන්හි බලපෑම්වලට ගොදුරු වීමට ද ඉඩ ඇත.
■ සාර්ව මූල්‍ය තත්ත්වයන්හි අඛණ්ඩ හිතකර ප්‍රගතිය ප්‍රාග්ධන වෙළඳපොළවල වර්ධනයන්ට සහාය වනු ඇතිමුත්, විදේශ ආයෝජකයින්ගේ අඩු සහභාගීත්වය, රජයේ සුරැකුම්පත් සඳහා වූ ද්විතීයීක වෙළඳපොළෙහි සිදුවන අඩු ගනුදෙනු ප්‍රමාණය මෙන්ම වෙළඳ සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා වැනි ගැටලු පවතී.
ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වන ණයවල අපේක්ෂිත වැඩිවීමත් සමඟ බැංකු සහ මුදල් සමාගම් යන දෙංශයෙහිම කාර්යසාධනය වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙම අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ණයවල ගුණාත්මකභාවය මෙන්ම තෙවන අදියර යටතේ පවතින ණය සඳහා හානිකරණ ආවරණය ද සමීපව අධීක්ෂණය කිරීම අවශ්‍ය වේ.
■ කෙසේ වෙතත්, වත්මන් අඩු පොලී අනුපාතික සහිත වාතාවරණය තුළ ඉදිරියට යාමේ දී ණය වර්ධනය පවත්වා ගැනීම සඳහා තැන්පතු හරහා අරමුදල් ආකර්ෂණය කර ගැනීම අභියෝගාත්මක විය හැකි අතර, අපේක්ෂිත ණය වර්ධනය තුළින් වර්තමාන අතිරික්ත ද්‍රවශීලතා මට්ටම්වලට ද බලපෑම් ඇතිවිය හැකිය.
■ තවද, ප්රාග්ධනය මෙන්ම ලාභදායීත්වය ද වර්තමානයේ හිතකර මට්ටම්වල පැවතුණ ද, ප්‍රාග්ධන ස්වාරක්ෂක අඛණ්ඩව පවත්වා ගැනීම මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීමේ දී වැදගත් වනු ඇත.
මේ අනුව, ඉදිරියේ දී, සාර්ව ආර්ථික තත්ත්වයන් අඛණ්ඩව වැඩිදියුණු වීමත් සමඟම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවතහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
■ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහතික කරන අඛණ්ඩ ක්‍රියාමාර්ග සමඟ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම, එහි අත්‍යවශ්‍ය අංගයක් වනු ඇත.
■ ණය ප්‍රසාරණය ආර්ථික නිමැවුම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ණය පරතරය අඛණ්ඩව පුළුල් වීම මූල්‍ය අංශය තුළ අවදානම් ගොඩනැගීම සඳහා හේතු විය හැකිය.
මේ අනුව, මහ බැංකුව පුළුල් ආර්ථික ක්‍රියාකාරකම් ද සලකා බලමින් මූල්‍ය අංශයේ ස්ථායීතාව අධීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම අඛණ්ඩව සිදුකරනු ඇති අතර, මූල්‍ය පද්ධතියේ අඛණ්ඩ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන්, පූර්වගාමී සහ කාලෝචිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමත්, එමගින් මුදල් ප්‍රතිපත්තියේ ඵලදායී සම්ප්‍රේෂණයට පහසුකම් සැපයීම මෙන්ම මහජනතාවගේ ඉතුරුම් ආරක්ෂා කිරීම සහ ඉහළ තිරසාර ආර්ථික වර්ධනයකට සහායවීමත් සිදුකරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd