දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානය හෙවත් සාක් සංවිධානයේ මුදල් කණ්ඩායමේ 28 වැනි රැස්වීම හා මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (24දා) කොළඹ මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්රමුඛ සාක් මුදල් කණ්ඩායමේ රැස්වීම වෙනුවෙන් සාක් කලාපයේ රටවල මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු හා එකී රටවල මහ බැංකු හා මුදල් අමාත්‍යාංශයන්හි නියෝජිතයෝද සහභාගි වූහ.