එයිට්කින් ස්පෙන්ස් සමාගම අභිනවයෙන් ඉදිකිරීමට නියමිත RIU රිසෝට් අහුන්ගල්ල හෝටල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උථ්සවය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ස්පාඤ්ඤයේ RIU හෝටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම සහ එයිට්කින් ස්පෙන්ස් සමාගම අතර හවුල්කාරීත්වයෙන් ගොඩනැගෙන මෙම හෝටල් සංකීර්ණයට ඇ.ඩො.මිලියන 100ක වටිකමකින් යුතුය. එහි කාමර 501කින් සමන්විත වන අතර, ඉදිකිරීම් කටයුතු 2016 වසරේ අවසන් කිරීමට නියමිතය.
මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරු සහභාගි වූහ.