යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යාතනයේ (NSBM) ප්‍රථම උපාධි ප්රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 29 වැනිදා BMICH හිදී පැවැත්විණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව මගින් අනුමත ව්‍යාපාර කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවන් හදාරන සිසුන් 4,200 ක් පමණ දැනටමත් මෙහි අධ්‍යාපනය ලබන අතර, එහි උපාධිය ලබාගන්නා ප්‍රථම කණ්ඩායමවෙත එදින උපාධි ප්රදානය කෙරිණි.
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, NSBM උපකුලපති ඊ.ඒ.වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
\
ඡායාරූප ඉසුරු පෙරේරා