හෝටල් සැපයුම්කරුවන්, සේවාදායකයින් සහ ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරී ආයතනය සහ ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා ආයතනය සමග එක්ව සංවිධානය කරනු ලැබූ හොටෙල් ෂෝ 2014 ප්‍රදර්ශනය පසුගිය 13 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරුණු අතර, එය 15 වැනිදා සාර්ථකව අවසන් විය.
හොටෙල් ෂෝ ප්‍රදර්ශනය 1998 වසරේදීආරම්භ කර ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටය. වායුසමීකරණය, සනීපාරක්ෂක ක්‍රම සහ ආහාර සැපයීම, ගෘහ නිර්මාණ, උද්‍යාන අලංකරණය, බාහිර ගෘහ භාණ්ඩ, පිහිනුම් තටාක, අපද්‍රව්‍ය කළමනාකරණය, මෘදුකාංග පද්ධති සහ නවීන ආරක්ෂක පද්ධති ඇතුළු හෝටල් සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු සියලු අංශයන් ආවරණය වන පරිදි ප්‍රදර්ශකයින් 280ක් පමණ මෙම අවස්ථාවේදී සිය නිෂ්පාදන එළි දක්වා තිබුණි.
මෙහි සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න, සංචාරක හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ජයන්තිස කෙහෙල්පන්නල, ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරී ආයතනයේ සභාපති එක්සත් විජේරත්න යන මහත්වරු ඇතුළු හෝටල් ක්ෂේත්රයේ විශාල පිරිසක් එකව සිටියහ.