වෙන් වෙන් වශයෙන් කසල බැහැර කිරීමේ ඇති සමාජ උපයෝගීතාව සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් අතර දැනුවත් බවක් ඇති කිරීම සඳහා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම තම නාවල ශාඛාවෙන් ආරම්භ Clean Zone සමාජ මෙහෙවර කොළඹ 2 හි පිහිටි සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නගර ශාඛාව දක්වා ව්‍යාප්ත කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නගර ශාඛාව ආශ්‍රිතව දියත් කෙරෙන Clean Zone ව්‍යාපෘතියේ නවතම අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කොළඹ 2 ශ්‍රී ජිනරතන මාවතේ නොම්මර 41/9 දරන ස්ථානයෙහි පිහිටි සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නගර ශාඛාව Clean Zone ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන තෙවැනි ශාඛාව බවට පත් වන අතර මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ශාඛාවන් ක්‍රියාත්මක වන සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිද්දෙන් කිලෝ මීටර් 100ක වපසරියක් පිරිසිදු කිරීමේ ඉලක්කය වෙත තවත් අදියරකින් ළඟා වීමක් විය.
Clean Zone ආයතනික සමාජ මෙහෙවර ක්‍රියාත්මක කළ අනෙක් ශාඛාවන් මෙන්ම මෙහිදී ද කසල වෙන් වෙන් වශයෙන් බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳව දැන්වීම් පත්‍රිකා බෙදා දෙමින් නගර ශාඛාවේ කාර්ය මණ්ඩලය ඒ අවට වෙසෙන ජනතාව දැනුවත් කිරීමට පියවර ගත්හ. එමෙන්ම බෝතල් , ප්ලාස්ටික් සහ ප්රතිචක්රීයකරණය කළ නොහැකි කසල බැහැර කිරීම සඳහා නගර ශාඛාව ඉදිරිපස කසල බඳුන් තැබීමටද සමාගම කටයුතු කළේය. මෙම වැඩසටහන යටතේ මින් පෙර සිදු වූ පරිදි ශාඛාවේ සිට එක් දිශාවකට මීටර් 500 බැගින් මාර්ගය දෙපස කිලෝමීටරයක ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමට සමාගම කටයුතු කරනු ඇත. කසල ඉවත් කිරීමේ යාන්ත්‍රණය වේගවත් කිරීම සඳහා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට කොළඹ මහ නගර සභාවේ සහාය ද හිමිවේ.
‘‘සෑම ශ්‍රී ලාංකිකයකුගේම සෞඛ්‍ය හා යහ පැවැත්ම ගැන සැලකීමේදී මෙම වැඩසටහන කාලෝචිත මෙන්ම සමස්ත පුද්ගලික අංශයටම යහපත් පණිවිඩයක් ලබා දෙනවා. එබැවින් මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑමට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට මගේ සුභපැතුම් පිරිනමනවා’’ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
Clean Zone ව්‍යාපෘතියේ සමාරම්භය 2015 මාර්තු මාසයේදී සොෆ්ට්ලොජික් නාවල ශාඛාවෙන් දියත් කළ අතර ඉන් අනතුරුව සෙංකඩගල ශාඛාවද මෙම වැඩසටහනට ඇතුළත් කර ගන්නා ලදී.
.jpg)