දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය හෙවත් සාක් රටවල මුදල් අමාත්‍යවරුන්ගේ 8 වැනි සමුළුව පසුගිය 26 වැනිදා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම සමුළුවට සහභාගී වීය.
අතීතයේ බොහෝ කාලයක් තුළ ආසියාවට අහිමිකර තිබූ හා අප විසින් උරගා නොබලන ලද ආර්ථික අභියෝගතා ජයගෙන කලාපයේ ආර්ථික සමෘද්ධිය සාක්ෂාත්කර ගැනීමට මෙම සියවස, ආසියාවට සම අවස්ථාවක් ලබාදී ඇති බව මෙම සමුළුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම, ආසියානු ජාතීන් විසින් පසුගිය වසර කිහිපය තුළ ලබා ඇති අතිමහත් දියුණුව සහ නොනැවතී විස්ථාරණය වන අවස්ථා අපගේ ආර්ථික අභිවෘද්ධිය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම, ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් සිටින මෙවන් වකවානුවක සාක් සමාජිකයින්, ඇතැම් සාමාජික රටවල් ඔවුන්ගේ අසල්වැසි රටවල පවතින ව්යාකූලතාවන්ටද මුහුණ දෙමින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු විය හැකි බවද කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.