කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (8දා) පැවති ක්‍රියාකාරී ස්වභාවය සමග සමස්ත මිල දර්ශකය (ASPI) ඒකක 6,000 සීමාව ඉක්මවීය.
ඒ අනුව, ඊයේ ගනුදෙනු අවසන් වනවිට සමස්ත මිල දර්ශකය ඒකක 6,054.47 ක් ලෙස සටහන් විය. දිනයේ ගනුදෙනු අවසන් වනවිටS&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 3,350.31 ක් ලෙස සටහන් විය.
විශේෂයෙන් මහඟු සතුවන් සමාගම් (Blue Chip) කෙරෙහි විදේශ ආයෝජක ආකර්ෂණයක් පැවති අතර, දිනයේ පිරිවැටුමට මූලික දායකත්වය බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශයෙන් ලැබිණි. පිරිවැටුමේ දෙවැනි දායකත්වය විවිධාංගීකරණ අංශයෙන් ලැබී තිබිණි.