මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා මාලදිවයින් ජනාධිපති කාර්යාල අමාත්‍යවරයා අතර හමුවක් පසුගිය 04 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී සිදු විය.
එහිදී, මාලදිවයින් ජනාධිපති කාර්යාල අමාත්‍ය මොහොමඩ් මහතා හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දෙරට අතර ආයෝජන කටයුතු දියුණු කිරීම ගැන අදහස් හුවමාරු කරගෙන තිබේ.
එමෙන්ම ඉදිරි මහා මැතිවරණය පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇත්තේ, මාලදිවයිනේ ඉකුත්දා පැවති මැතිවරණය මුල් කරගෙනය.