ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ව්‍යාපාරික හමුවක් එළැඹෙන මැයි මාසයේදී සංවිධානය කිරීමට ලංකා වාණිජ මණ්ඩලය කටයුතු කර තිබේ.
මෙම ව්‍යාපාරික හමුව සඳහා තුර්කියේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වීමට නියමිත බවත්, එහිදී, ශ්‍රී ලංකා හා තුර්කි ව්‍යාපාරිකයන්ට මුහුණට මුහුණ සාකච්ඡා කිරීමේ අවස්ථාව උදාවන බවත් එම මණ්ඩලය පවසයි.
මෙය මැයි 09 වැනිදා පෙ.ව.10.30 ට ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වෙනු ඇත.