ශ්රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස්හි (FlySmiLes) සාමාජිකයන්ට දැන් ශ්රී ලංකන් හොලිඩේස් (Sri Lankan Holidays) පැකේජ භාවිත කරමින් ශ්රී ලංකාවෙන් පිටතට සහ ශ්රී ලංකාවට සංචාරය කිරීමේදී 'ලකුණු' (මයිල්ස්) උපයාගැනීමේ අවස්ථාව උදාවී තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගම පෙන්වාදෙන පරිදි, ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයින් සඳහා 'හොලිඩේස්' පැකේජ මිලදී ගැනීමේදී ගුවන් ගමනකදී උපයා ගන්නවාට වඩා වැඩි මයිල්ස් ප්රමාණයක් උපයා ගැනීමට හැකියාව ලැබේ. එසේම ෆ්ලයිස්මයිල්ස් සාමාජිකත්වය ලබාගෙන නොමැති පාරිභෝගකයන්ට 'හොලිඩේස්' පැකේජ මිලදී ගැනීමේදී ශ්රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් හි සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාව සැලසී තිබේ.
ෆ්ලයිස්මයිල්ස් හා ලියාපදිංචි වීමෙන් පසු ඔවුන්ටද මෙම ප්රතිලාභය අත්විඳිය හැකි අතර, මේ සඳහා විශේෂ ප්රවර්ධන වැඩසටහනක් 2015 නොවැම්බර් මස 2 වැනි දින සිට 2016 ජනවාරි මස 31 වැනිදා දක්වා ක්රියාත්මක බවද ගුවන් සමාගම පවසයි. මෙම විශේෂ ප්රවර්ධන වැඩසටහන් කාලය තුළ මිලදී ගන්නා 'හොලිඩේස්' පැකේජයන් සමග වැඩිපුර 25% ක 'මයිල්ස්' උපයා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවද ශ්රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.