ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා අතරින් කාබන් විමෝචනය අවම ගුවන් සේවාවක් ලෙස Business Traveller සඟරාව මගින් දෙවැනි ස්ථානයට පත්කර ඇත.
මෙමගින් ගුවන් සමාගම විසින් අඛණ්ඩව දියත් කරනලද පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ගෝලීය වශයෙන් ඇගයීමකට ලක්වී ඇති බව එම ගුවන් සමාගම පවසයි.
මෙම ඇගයීමට ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාත්‍ර වී ඇත්තේ මැද පෙරදිග, දකුණු ආසියාව, ඈත පෙරදිග සහ ආසියා ශාන්තිකර කලාපයේ (ඕස්ට්‍රේලියාව ආශ්‍රීත) රටවල් හි ගුවන් සේවා රැසක් අතුරින් ය.
Business Traveller සඟරාව මගින් ගුවන් සමාගම ඇගයීමේදී දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ 72.8අගයක් ලබාගනිමින් වන අතර ප්‍රථම ස්ථානයට පත් තායිවාන් ගුවන් සේවය වන ට්‍රාන්ස්ඒෂියා ගුවන් සේවය 73.4 ආසන්න අගයක් ලබාගෙන තිබුණි. ගෝලීය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය 17 වැනි ස්ථානයට පත්වී ඇත.