ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රී ලංකන් කෙයාර්ස් (SriLankan Cares) ආසියාවේ විශේෂිත ආයතනික සමාජ වගකීම් අංශයේ සෞඛ්‍ය අභිවෘද්ධිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීය.
එම උත්සවය නවදිල්ලියේ ජේ.ඩබ්ලිව් මැරියට් හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.
ආසියාවේ වගකිව යුතු ව්‍යවසායකයින් (Enterprise Asia) යනු කලාපයේ ව්‍යවසායකත්ව සංවර්ධනය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකි. ආසියාවේ ව්‍යාපාරික හා තිරසාර සංවර්ධනය, පරිසර හිතකාමී හරිත නායකත්වය, වගකිවයුතු පුද්ගල ආයෝජන,ආයතනික පාලනය, සෞඛ්‍ය අභිවෘද්ධිය ,සමාජ සවිබල ගැන්වීම, ආයතනික සමාජ වගකීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය ප්රදානය කරන ලදී.
ශ්‍රී ලංකන් කෙයාර්ස් 2003 වසරේ ආරම්භ කිරීමත් සමඟ ළමුන්ගේ සුභසාධනය, ළමා සෞඛ්‍ය හා අධ්‍යාපනය පිළිබඳව පුළුල් අවධානයක් යොමුකර ඇති අතර පසුගිය දශකය මුළුල්ලේම සමාජ සේවා වගකීම් ගණනාවක් දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් සිදු කරන ලද බව ඔවුන් පවසයි.
2013 වසරේදී ශ්‍රී ලංකන් කෙයාර්ස් විසින් ළමා සෞඛ්‍ය සංවර්ධන වසර ලෙස නම් කිරීමත් සමඟ රජයේ සෞඛ්‍ය අරමුණ සාර්ථක කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් බවද පෙන්වා දෙයි. එහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ අතර ළමා සෞඛ්‍ය ,සහශ්‍ර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ළදරු මරණ අවම කිරීම ළමා හා මාතෘ සෞඛ්‍ය වර්ධනය සහ අනෙකුත් සමාජ අවශ්‍යතාවන් වන, විශේෂිත අවශ්‍යතාවන් ඇති දරුවන් සුවපත් කිරීම , හෘද රෝග වැළැක්වීම ආදී ව්‍යාපෘති රැසක් සිදුකරන ලද බවද පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල, ශ්‍රී ලංකන් කෙයාර්ස් කළමනාකාර නිරෝෂන් රණවක සහ ප්‍රාදේශීය කළමනාකරු/ඉන්දියාව ලලිත් ද සිල්වා යන මහත්වරු මෙම සම්මානය ලබාගත්හ.