මෝටර් වාහන ආනයනයේදී වාණිජ බැංකුවල විවෘත කළ යුතු ණයවර ලිපි මත වන 100% ක අවම මුදල් ආන්තික අවශ්‍යතාව ඉවත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
2013 අගෝස්තු 30 වැනි දින සිට ක්‍රියාත්මක කළ මෝටර් වාහන ආනයනයේදී වාණිජ බැංකුවල විවෘත කළ යුතු ණයවර ලිපි මත වන 100% ක අවම මුදල් ආන්තික අවශ්‍යතාව පිළිබඳව සමාලෝචනය කරමින්, පසුගියදා රැස්වූ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව අධිපතිවරයා පැවසීය. විදේශීය අංශයේ වර්ධනයන් මේ කෙරෙහි විශේෂයෙන් හේතු වූ බවද අධිපතිවරයා පවසා සිටියේය.