මුදල් අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ව්‍යාපාර පහසු කිරීමේ සංසදයේ 5 වැනි රැස්වීම නොවැම්බර් මස 12 වැනි දින ප.ව. 2.00 ට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ පිහිටි මිලෝදා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සැසිය නොවැම්බර් මස 5 වැනි දින පැවැත්වීමට කලින් සංවිධානය කර තිබූ නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එදින සිදුකිරීමට නියමිත ප්‍රතිපත්ති ප්රකාශනය හේතුවෙන් මෙය නොවැම්බර් 12 වැනිදාට කල් තබා ඇති බව අමාත්‍යාංශය පවසයි.