එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 22 වැනි දින ලෝක ජල දිනය සමරනු ලබන අතර ශ්රී ලංකා මහවැලි අධිකාරිය විසින් මහවැලි එච් කලාපයේ නොච්චියාගම දී ලෝක ජල දිනය සැමරීමට සියලු කටයුතු යොදා ඇත.
'දිනෙන් දින හිඟ වෙමින් පවතින ජල සම්පත ඵලදායී ලෙස කළමනාකරණය කර ගනිමු' යන තේමාවට මුල් තැන දෙමින් ශ්රී ලංකා මහවැලි අධිකාරිය මෙවර ලෝක ජල දිනය සමරනු ලබයි.
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ආයතන සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් ගොවි ජනතාවට ඵලදායී ලෙස සහ අරපිරිමැස්මෙන් වාරි ජලය පරිහරණය කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමට දේශන මාලාවක් සහ ප්රායෝගික දැනුම ලබාදීමට ක්ෂේත්ර වැඩසටහනක්ද ක්රියාත්මක කර ඇති බව පැවසෙයි.