ලිබියාවේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් අපහසුතාවට පත් එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව, ඊයේ (7දා) රාති‍්‍රයේ කටාර් හරහා 17 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන තිබේ. මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කයිරෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී ඇති අතර, ශ්‍රී ලංකා තානාපතිතුවරයාගේද විශේෂ අවධානය ඒ සඳහා යොමු වී තිබිණි.
කටාර් රාජ්‍යය හරහා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් මඟින් මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති අතර, ඊයේ පැමිණි පිරිස කාර්යාංශයේ කටුනායක පිහිටි "සහන පියස" සුභසාධන මධ්‍යස්ථානයට රැගෙන ගොස් අවශ්‍ය සුභසාධන පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇති බව පැවසෙයි.
මොවුන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා කාර්යාංශය ඇ.ඩො.ඩොලර් ලක්ෂයක් වියදම් කොට ඇති බවද පැවසෙයි.
තවත් 30ක පමණ පිරිසක් ලිබියාවේ නිරුපද්‍රිතව සේවය කරන බවත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ද ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවත් කාර්යාංශය පවසයි.
යුධමය වාතාවරණය අවසන් වන තෙක් ලිබියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිට වූ බවද කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා වැඩිදුරටත් සඳහන් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.