ලක්සල ආයතනය මෙවර දෙවැනි වරටත් ට්‍රිප්ඇඩ්වයිසර් (Trip-advisor) - 2015 විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ බව ඔවුන් පවසයි.
මෙය ට්‍රිප්ඇඩ්වයිසර් (Trip-advisor) වෙබ් අඩවිය වෙත පිවිසෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ලක්සල සාප්පු සංකීර්ණ පිළිබඳ තම අත්දැකීම් සම්බන්ධව කරන ලද ධනාත්මක ප්‍රකාශ සහ මත ඉදිරිපත් කිරීම විශ්ලේෂණය කොට පිරිනමනු ලැබූවක් බව ඔවුන් කියයි.
Trip-advisor සන්නාමගත වෙබ් අඩවිය ලොව දසත විහිදී සංචාරක ප්‍රජාව දැනුම්වත් කරන වෙබ් අඩවියක් වන අතර, මසකට මිලියන 260ක ප්‍රමාණයක් මෙම වෙබ් අඩවියෙහි සැරිසරණ අතර ඉන් මිලියන 150කට අධික සංචාරකයන් ලොව පුරා පිහිටි නවාතැන්, ආහාර සපයන ස්ථානයන්, සාප්පු සංකීර්ණයන් පිළිබඳ තම අදහස් සහ විස්තර දක්වා ඇත. මෙම සම්මානය පිරිනැමීමේදී විශිෂ්ට පාරිභෝගික සේවය හා පාරිභෝගික තෘප්තිමත්භාවය යන කරුණ ද සැලකිල්ලට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ලක්සල ආයතනයේ වත්මන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී හසිත තිලකරත්න මහතා පැවසුවේ, "ඉතා කෙටි කාලයකදී ආයතනය තුළ ගන්නාලද ව්‍යාපාරික උපාය මාර්ග හා තීන්දු තීරණ හේතුවෙන් ආදායම් වාර්තා බිඳ හෙලමින් ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් බවට පත්වීම පිළිබඳ තමා සතුටට පත්වෙනවා. මේ සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලැබූ එකම රාජ්‍ය ආයතනය ලක්සලයි" යනුවෙනි.