කිරියෙන් සපිරුණු රටක් වැඩසටහනට රුහුණේ දායකත්වය ලබාදීමේ අරමුණින් එහි කිරි ගොවීන් හා කිරි ආශ්රිත කර්මාන්තරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් අරඹා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දැයට කිරුළ ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී වානිජ මට්ටමෙන් කිරි කර්මාන්ත ඇති කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණය, මූල්‍ය සහයෝගය ඇතුළු සේවා පිළිබඳ කිරි ගොවීන් හා ඒ ආශ්රිත කරුමාන්තකරුවන් දැනුම්වත් කෙරේ.
නීත්‍යනුකූල මූල්‍ය ගනුදෙනු හා මුදල් කළමනාකරණය ගැන දැනුම්වත් කරනු ලබන මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳ පොළ අවස්ථා ඇතිකර ගැනීම සඳහා අලෙවි හා ගැනුම්කරුවන් සඳහා ප්‍රදර්ශන ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහන යටතේ මේ වනවිට ආරම්භ කර ඇති බව පැවසෙයි.
කිරි ගව පාලනය සම්බන්ධව බෙන්තර, බලපිටිය හා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද, මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දෙවිනුවර හා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩසටහන්වලට සම්බන්ධ වීමට කැමති ව්‍යවසායකයින්, ගොවීන් හා ආයෝජකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් මගින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව පැවසෙයි.