ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ප්‍රබල සමාජ බලපෑම් කණ්ඩායම වශයෙන් මෙරට මූල්‍ය හා ආර්ථික මාධ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාකාරීන් හැඳින්විය හැකි බව අජිත් වත්තුහේවා මහතා පවසයි.
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපතිවරයා වන ඒ මහතා, මෙසේ අදහස් දක්වා සිටියේ වාණ්ඩ මණ්ඩල සම්මේලනය හා ඒකාබද්ධව ආරම්භ කළ මූල්‍ය හා ආර්ථික මාධ්‍ය සංසදයේ ආරම්භක රැස්වීම අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ප්‍රබල සමාජ බලපෑම් කණ්ඩායම වශයෙන් මෙරට මූල්‍ය හා ආර්ථික මාධ්‍ය ක්ෂේත්රය හඳුන්වන්න පුළුවන්. අද ඕනෑම ක්ෂේත්රයක ක්‍රියාකාරීත්වය රඳා පවතින්නෙ මාධ්‍ය සමග පවතින යහපත් සම්බනධතාවය මතයි. නමුත්, මෙවැනි සමාජ මෙහෙවරක යෙදී සිටින මාධ්‍යවේදීන් සමාජීය වශයෙන් ඇගයීමකට ලක්වීම සිදුවන්නේ ඉතා අල්ප වශයෙනුයි. ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ රටේ මාධ්‍යවේදීන්ද ඉතා දක්ෂ පිරිසක්. ඔවුන් තවදුරටත් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අපේ අරමුණයි” යනුවෙනි.