රජයේ සේවකයන්ට දුරස්ථ අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදාකරදීම සඳහා ලෝක බැංකුව සහ මිලෝදා ආයතනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත්, මිලෝදා ආයතනයේ නිල වෙබ් අඩවිය දියත් කිරීමත් පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කොළඹ නගර මධ්‍යයේ පිහිටි මිලෝදා ආයතනය, පරිගණක 150කින් සමන්විත අති නවීන විද්‍යාගාරයකින්, තොරතුරු සන්නිවේදන විද්‍යාගාරයකින් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු ශ්‍රවණාගාර දෙකකින්ද සමන්විතය.
එදින ජාලගත කෙරුණු මිලෝදා ආයතනයේ නව වෙබ් අඩවිය වෙත www.afs.gov.lk ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය.
මෙම වෙබ් අඩවිය දියත් කිරීම සහ ලෝක බැංකුව සමග ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට මිලෝදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි මහතා සහ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන විශේෂඥ හයිඩර් රාසා මහතාද එක්ව සිටියහ.