ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ජාතික ජලජීවී සම්පත් සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් ක්‍රියාත්මක වතු ආශ්රිත මිරිදිය මත්ස්‍ය වගා වැඩසටහන යටතේ හපුතලේ ප්‍රදේශයේ ආරම්භ කෙරුණු මිරිදිය මත්ස්‍ය පොකුණුවල ප්‍රථම මත්ස්‍ය අස්වනු නෙළීම හා එම මසුන් අලෙවිය ආරම්භ කෙරුණු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත දිවිනැඟුම සංවර්ධන වැඩසටහන යටතේ හපුතලේ ආගරපතන වත්තේ වී.ත්‍යාගරාජා මහතාගේ මත්ස්‍ය පොකුණුවල අස්වනු නෙළීම හා අලෙවිය එදින ආරම්භ වී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී සුමිත් සමයදාස, හපුතලේ නගරාධිපති ඩී.එම්. උපුල් දිසානායක, හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.ජී.සමන්ත කුමාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මාපාකඩ ජලජීවී සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ති නිලධාරී නාලක බණ්ඩාර මහතා මෙම වැඩසටහන මෙහෙයවා තිබේ.