බොආඕ ආර්ථික සංසද සමුළුව පැවැත්වේ
චීන ශ්‍රී ලංකා සහයෝගීතාව තහවුරු කරගැනිමේ අරමුණින් 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවත ගොඩනැගීම යන තේමාව යටතේ පැවති බොආඕ ආර්ථික සංසදයේ විශේෂ සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
මේ සඳහා චීනයේ හිටපු උප අග්‍රාමාත්‍ය සෙන්ග් පෙයියැන් මහතා සමග හතළිස් දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිසක් ද සහභාගි වූහ.
බොආඕ ආසියානු ආර්ථික සන්සදය සහ පාත්ෆයින්ඩර් ආයතනය එක් ව මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂමන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, චීන තානාපති වූ ජින්හාවෝ, චීන හිටපු උප අග්‍රාමාත්‍ය සෙන්ග් පෙයිනැන්, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
