බලුකිස්තානයෙහි උපායමාර්ගික වැදගත්කමක් සහිත ග්වාර්දර් වරාය නගරයේ වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කරන්නැයි බලුකිස්තාන් ප්‍රාන්ත මන්ත්‍රණ සභාවේ කතානායක මීර් ජාන් මුහමද් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්ත මන්ත්‍රණ සභාවේ කතානායකවරයා ප්රමුඛ මන්ත්‍රී පිරිසක් අද (26දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් දක්වා තිබේ.
ග්වාර්දර් වරාය සෑම දිනකම බොරතෙල් බැරල් මිලියන 16ක් බාහිර ලෝකය වෙත පිටත් කොට යවන ලෝකයේ වැදගත්ම තෙල් පර්යන්තය ලෙස සැලකෙන උපායමාර්ගික වැදගත්කමක් සහිත හර්මෝස් සමුද්‍ර සන්ධියට පිවිසුම් දෙරටුවක් බවද, එම වරාය චීනය සමග ආර්ථික සබඳතා පවත්වා ගැනීමේ පාකිස්තාන ප්රයත්නයේ ප්රමුඛස්ථානයක් ගත් වරායක් බවද හෙතෙම මෙහිදී පවසා තිබේ.
මෙහිදී හම්බන්තොට වරායේ ඵල ප්‍රයෝජන ආගන්තුක ප්‍රාන්ත සභිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිවරයා එය පෙර අපර දෙදිග යා කරන ලොව වඩාත් කාර්යබහුල මුහුදු මාර්ගයට නාවික සැතපුම් 10ක් ඔබ්බෙන් පිහිටා ඇති බවත්, ඓතිහාසික සේද මාර්ගය යළි සක්‍රීය කිරීමට වරාය ඉවහල් වන බවත් පෙන්වා දී ඇති බව පැවසෙයි.
නාවික සහයෝගීතාවට අමතරව සිය ප්‍රාන්තයේ ගණිත, විද්‍යා සහ ඉංග්‍රීසි ගුරවරුන් පුහුණු කිරීමට අධ්‍යාපනික ආධාර සපයන්නැයි ජමාලී මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය. ශ්‍රී ලංකාව පසුගියදා විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවද එම පිරිස පවසා තිබේ.