පොල් වගාව බහුලව දක්නට නොමැති යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා යුද හමුදාවේ සහාය ලබාදී තිබේ.
මෙම වැඩසටහන වෙනුවෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය (CCB) විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගෙන් කරනලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඊට සහාය ලබාදෙන ලෙස යාපනය, වන්නි, කිලිනොච්චි, මුලතිව් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයන් වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව, යුද හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් උතුරු හා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය වන පරිදි යුද හමුදා නිලධාරින් 24 දෙනෙකු සඳහා ජුනි මස 01 සිට 05 දින දක්වා දින 05 ක නේවාසික වැඩමුළුවක් වාරියපොළ පිහිටි පොල් වගාකිරීමේ මණ්ඩලයේ වයඹ පුහුණු ආයතනයේදී පවත්වා ඇත.
යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම පුහුණු වැඩසටහන පැවැත්වූහ.