අපනයන වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කය තුළ විසිතුරු මල් එකතු කිරීම, මිලදී ගැනීම, බෙදාහැරීම මෙන්ම ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (12දා) විසිතුරු මල් වවන්නන් සහ රජයේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී නුවරඑළිය සමූපකාර මල් සංගමය විසින් කළ ඉල්ලීමකට අනුවය.
කාන්තාවන් 12 දෙනෙකුගෙන් 2004 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ නුවරඑළිය සමූපාකාර මල් සංගමය මේ වනවිට සාමාජිකයින් 532ක් දක්වා පුළුල්වී තිබේ.
ඔවුන් අතර රු.25, 000/- සිට ලක්ෂ 05 දක්වා මාසික ආදායම් ලබන්නෝ වෙති. මේ වන තෙක් ඔවුන්ට මල් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිවීම නිසා මල් අපනයන කිරීමට ඇති හැකියාව මගහැරී ගොස් තිබේ.
මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් එම වගාකරුවන් මුහුණ පා තිබෙන ගැටළුවලට විසඳුම් ලැබෙන අතර, එමගින් රටේ අපනයන ආදායම සඳහා ඔවුන්ට දායකවීමට ඇති හැකියාවද එම සංගමය පෙන්වා දී තිබේ.