තවදුරටත් නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට නියං ආධාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (16දා) නියෝග කොට ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය සහ වාරි ජලය නොමැති වීම නිසා ප්‍රදේශ රැසක ජනතාව මුහුණදී සිටින ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබාදී ඇති බව කියැවෙයි.
එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීමටත්, නියං සහනාධාර කඩිනමින් ලබාදීමටත් ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.