Huawei නවතම ස්මාට්ෆෝනය වන P8 ශ්‍රී ලාංකීය වෙළෙද පොළ සඳහා හඳුන්වාදීම සිදුවිය. මෙම හඳුන්වාදීමත් සමඟ නව Huawei P8 ස්මාර්ෆෝනය ශ්‍රී ලංකාවේ ස්මාට්ෆෝන් වෙළෙද පොළට පහසු මිලක් යටතේ හඳුන්වාදුන් එකම සුඛෝපභෝගී ස්මාට්ෆෝනය වන බව සිංගර් ශ්‍රී ලංකා සමාගම පවසයි.
Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානී හෙන්රි ලියු, සිංගර් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු සාදික් හනාස්, සිංගර් ශ්‍රී ලංකා හී Huawei සන්නම් නාම කළමනාකරු සහන් පෙරේරා සහ Huawei ශ්‍රී ලංකා අලෙවි කළමනාකරු ස්ටැන්ලි මැස්කරේනස් යන මහත්වරුන් විසින් මෙම නිෂ්පාදන වෙළෙද පොළට හඳුන්වාදෙන ලදි.
මි.මී. 6.4 සිහින් මෙම ස්මාර්ෆෝනය ද්විත්ව සිම්පත් වලින් යුක්ත වන අතර 4G ජාලය සමඟ ද මනාව ක්‍රියා කරයි. Huawei P8 භාවිතකරන්නන් මවිතයට පත් කරන නවතම ටච් ස්ක්‍රීනයකින් යුක්ත ය. ස්ක්‍රීනය මත දෙවතාවක් තට්ටු කිරීම තුළින් සමස්ථ දර්ශනයම කැමරාවට හසු කර ගත හැකි අතර ස්ක්‍රීනය මත රවුමක් ඇදීම තුළින් ක්ෂණිකව අන්තර්ගතය හසුකර ගත හැකි ය. මීට අමතරව search phone by voice ක්‍රියාකාරකම හරහා භාවිතකරුවන්ට තමන්ගේ නැති වූ ස්මාට්ෆෝනයට කථා කළ හැකි අතර එවිට ෆෝනය එහි ස්පීකරය හරහා ප්‍රතිචාර දක්වයි.
සුවිශේෂි බලශක්ති කළමනාකරණය සිහින් හැඩය, සහ ඉහළ ක්‍රියාකාරිත්වය Huawei P8 හා මනාව ගැලපේ. විශිෂ්ට ක්‍රියාකාරිත්වයක් පිරිනැමීමෙහිලා සමත් 2680 mAh බැටරිය සහ Kirin 930 Octa-Core 64-bit චිප්සේට් උපාංගයන්ගෙන් මෙම ස්මාට්ෆෝනය සමන්විත ය.
රුපියල් 69,999/- කට Huawei P8 මිල කර තිබේ.