ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාගාරයක් සාමූහිකව ස්ථාපනය කිරීමත්, දෙරට අතර විද්‍යාඥයන් හුවමාරු කරගැනීමත් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්වික ගිවිසුම් දෙකක් අත්සන් කරන්නට විය.
උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා චීන ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය වැන් ගැන්ග් අතර ශ්‍රී ලංකා හා චීන රජය වෙනුවෙන් මෙම ද්වීපාර්ශ්වික ගිවිසුම් චීනයේ කුන්මින්හිදී පසුගියදා අත්සන් තබා තිබේ.
ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාගාරයක් සාමූහිකව ස්ථාපනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වීම එම පළමු වැනි ගිවිසුමයි. මෙම අවබෝධතා ගිවිසුමේ පරමාර්ථය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක හා තාක්ෂණ හැකියාව ගොඩනැංවීම තුළින් දෙරට අතර ජෛව තාක්ෂණ ක්ෂේත්රයේ දීර්ඝ කාලීන හා ස්ථාවර ලෙස සම්බන්ධතාවක් ගොඩනැගීමට අවශ්‍ය උසස් මට්ටමේ ඒකාබද්ධ පර්යේෂණ සිදුකිරීම, පර්යේෂකයන් හුවමාරු කරගැනීම, පුහුණු කිරීම, තාක්ෂණික හුවමාරුව දිරිමත් කිරීම යනාදියයි. මෙය ගිවිසුම අත්සන් කළ දින සිට වසර 05ක් ක්‍රියාත්මක වන අතර, තවදුරටත් වසර 03ක් නිරායාසයෙන් ක්‍රියාත්මක වන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරය දැනුම පිළිබඳ වූ ක්ෂේත්‍ර පුළුල් කරන, සාපේක්ෂව නවීන විද්‍යාත්මක ක්‍රියාකාරකම් ක්ෂේත්රයේ ඉහළ මට්ටමේ පර්යේෂණ සඳහා යොදාගනු ලබන අතර, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය සහ කාර්මාන්ත වැනි විවිධ ක්ෂේත්රයන්හි සාමාජීය සහ ආර්ථික සංවර්ධනයට ඉමහත් දායකත්වයක් දක්වනු ඇති බව අමාත්‍යාංශය කියයි. අදාළ ක්ෂේත්රයන් හි සාමාජීය සහ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම සඳහා දෙරටෙ හි විද්‍යාඥයන්ගේ සාමූහික ප්රයත්නයෙන් ඇති වන නව දැනුමට අමතරව මෙම විද්‍යාගාරය තරුණ විද්‍යාඥයන්ට පුහුණුව සපයන ආයතනයක්ද වනු ඇති බව අමාත්‍යාංශය කියයි. එමෙන්ම, මෙය තාක්ෂණය හුවමාරුව සඳහා මාධ්‍යයක් වනු ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙහිදී අත්සන් කෙරුණු දෙවැනි අවබෝධතා ගිවිසුමෙන් චීනය හා ලංකාව අතර විද්‍යාඥයන් හුවමාරු කරගැනීම සිදුවේ.
මෙහි පරමාර්ථය වී ඇත්තේ සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ප්රතිලාභ පදනම් කරගනිමින් දෙපාර්ශ්වය විසින් තරුණ විද්‍යාඥයන් හුවමාරු කරගැනීමය. මෙය අත්සන් කරනලද දින සිට වසර 03ක් බලාත්මක උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
විද්‍යාඥයන් හුවමාරු කරගැනීමේ වැඩසටහන පිළිබඳ වූ අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ තරුණ විද්‍යාඥයන්ට චීන පර්යේෂණ ආයතන සහ විශ්වවිද්‍යාලයන් හි අර්ධ වසර සහ වසරක පර්යේෂණ වැඩසටහන් සඳහා චීන රජයෙන් මූල්‍ය දායකත්වය ලබාදෙන බව අමාත්‍යාංශය කියයි. එමෙන්ම, මෙම අවබෝධතා ගිවිසුම දෙරටේ විද්‍යාඥයන් අතර සහයෝගීත්වයක් ඇති කිරීමටද දායක වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
වැඩසටහන්වල සවිස්තරාත්මක සැකසීම සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය සහ එය ක්‍රියාවට නැංවීම පිළිබඳ විස්තර අවබෝධතා ගිවිසුම් දෙකෙහි අන්තර්ගත කොට ඇත.
ආචාර්ය අමුණුගම මහතා චීනයේ කුන්මින් හි පැවති චීන-දකුණු ආසියා තාක්ෂණික හුවමාරු සහයෝගීතා සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අවස්ථාවේදී මෙය සිදුවී තිබේ.