ජනපති පදවි ප්‍රාප්තියට මුදල් අමාත්‍යාංශ සැමරුමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්රාප්තියේ පළමු සැමරුම ඉතාමත් චාම් ලෙස, කිසිදු මුදලක් වැය නොකර සිදු කිරීමට මුදල් අමාත්‍යාංශයට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට පෙර පැවැති ජනාධිපති පදවි ප්රාප්ති උත්සව වෙනුවෙන් රටේ ජනතාවගේ මුදල් කිසිදු වග විභාගයකින් තොරව අනවශ්‍ය ලෙස වැය කෙරුණු බවයි.
නාස්තියෙන් හා දූෂණයෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ආදර්ශය පදනම් කර ගනිමින් කිසිදු මුදල් වැය කිරීමකින් තොරව ජනපති පදවි ප්රප්තිය සැමරීමට තම අමාත්‍යාංශයට හැකි වූ බවද රවී කරුණානායක මහතා කියා සිටියි.
ජනපති පදවි ප්රාප්ති සැමරුම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ රුක්රෝපණ වැඩසටහනකට එක් වෙමින් රවී කරුණානායක මහතා මෙසේ පවසා සිටියේ ය. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

