වර්තමානය වනවිට විදෙස් ණය සපයන ආයතනවල සහයෝගයෙන් ජනන සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ අංශවල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඇය මේ බව කියා සිටියේ පසුගිය 11දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ හයිඩ්‍රෝ ඒෂියා 2014 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කර සිටියේ ජනන අංශයේ තාප බලාගාර ඉදිකිරීමට අමතරව ඉතිරි වී ඇති සියලු ජල විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පියවර ගන්නා බවයි. උදාහරණයක් ලෙස මෙගාවොට් 120ක උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර, මෙගාවොට් 35ක බ්රෝඩ්ලන්ඩ්ස් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹී තිබෙන බව ඇය පවසයි. මීට අමතරව මෙගාවොට් 30ක මොරගොල්ල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉදිරියට ආරම්භ කිරීමට යෝජිත අතර, මෙගාවොට් 32ක ගිංගඟ ව්‍යාපෘතිය සැලසුම් අවධියේ පවතින බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඡායාරූප - ඉසුරු පෙරේරා