චීන කර්මාන්ත ශාලා 150ක් රට තුළ ස්ථාපිත කිරීමට චීන ආයෝජකයන් සමග සාකච්ඡා කළ බවත්, විශේෂයෙන්ම හම්බන්තොට කලාපය පිළිබඳව ඔවුන් උනන්දුවක් දැක්වූ බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ චීනයේ ආයෝජනයට සූදානමින් සිටින චීන ආයෝජකයන් පිරිසක් සමග පසුගියදා එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
දොළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම චීන අයෝජක කණ්ඩායම සම්බන්ධකරණය කරන ලද්දේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ චීන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඇක්ස්ඕ ලී මෙනවිය විසිනි.