ගිනි පෙට්ටි නිෂ්පාදනයට ගන්නා පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායන ද්‍රව්‍ය ආනයන ක්‍රමවේදය හා ටෙන්ඩර් පටිපාටියේ ඇති අක්රමවත්භාවයට කඩිනමින් පිළියම් සපයන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයන්ට අවශ්‍ය වන, පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා දැනුම්වත් කළ අවස්ථාවේදී හෙතෙම මෙසේ පවසා ඇත.