පැවති පෙට්රල් හිඟය ලංකා IOC බලපෑමක් නිසා සිදුවී ඇතැයි නඟන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බවත්, අර්බුදයේ සැබෑ තත්ත්වය වසන් කොට එහි වගකීම ලංකා IOC වෙත පැවරීම සංවිධානාත්මකව සිදුකරනු ලැබූ වැරදිසහගත ක්රියාවක් බවත් ලංකා IOC පී.එල්.සී. සමාගම පවසයි.
මෙරට ඉන්ධන බෙදාහැරීමේ ක්රියාවලියේදී ලංකා IOC සතුව ඇත්තේ 16% තරම් වූ ප්රමාණයක් බවත් ඉතිරි 84% ප්රමාණය ලංකා ඛණිජ තෙල් සංස්ථාව (CPC) සතු බවත් පෙන්වා දෙයි. එමෙන්ම, ශ්රී ලංකාවේ විශාලතම ඉන්ධන ගබඩා පහසුකම් ඇත්තේ CPC සතුව බවත්, ඔවුන්ගේ ඉන්ධන ගබඩා දිවයින පුරා පිහිටා ඇති බවත් පෙන්වා දෙයි. මෙවැනි පසුබිමක ඇති වූ පෙට්රල් අර්බුදය සම්බන්ධයෙන් ලංකා IOC වෙත වගකීම පැවරීම පිළිගත නොහැකි බවද සඳහන් කරයි.
කෙසේ වෙතත්, ලංකා IOC අවසන් වරට ඇණවුම් කළ ඉන්ධන තොරගය ප්රතික්ෂේප වූ බවත්, මෙ.ටො.35,000ක මෙම ඉන්ධන තොගය ප්රංශයේ ටෝටල් සමාගමෙන් ආනයනය කළ බවත්, එය පසුගිය ඔක්තෝබර් 16දා මෙරටට ළඟා වූ බවත් පෙන්වා දෙයි. එහිදී, අදාළ ඉන්ධන තොගයේ සාම්පල පරීක්ෂාවේදී CPC / CPSTL යන ආයතනවල පරීක්ෂාවට ලක්වූ බවත්, එම පරීක්ෂාවට පෙර මෙම තොගය පිළිගැනීමට ලංකා IOC කිසිසේත්ම ඉදිරිපත් නොවූ බවත් පවසා සිටියි.
එමෙන්ම, උද්ගත වූ තත්ත්වය අදාළ පෙට්රල් සැපයුම්කරුවා වන ටෝටල් සොලූෂල්න්ස් සමාගමට දන්වා ඉන්ධන තොගය ලංකා IOC විසින් පිතික්ෂේප කළ බවත්, එම ඉන්ධන තොගයට හෝ එය රැගත් නෞකාවට ඉන්පසු කිසිදු බැඳීමක් ලංකා IOC වෙත නොපැවරෙන බවත් ඔවුහු පසති.
ඒ අනුව, අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා අලුත් ඉන්ධන තොගයක් සහිත වෙනත් නැවක් ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තවත් දින 25ත් 30ත් අතර කාලයක් ගතවනු ඇති බවත්, එබැවින් පවත්නා තත්ත්වය ගැටලුවකින් තොරව නිරාකරණය කිරීමට ගත හැකි සුදුසුම පිළියම ලෙස ටෝටල් සමාගම ගෙන්වූ මෙම ඉන්ධන තොගය නැවත නිසි ප්රමිතියට පිරිසිදු කර මෙරටට ගොඩබෑම සිදුසු බවට යෝජනා වී තිබේ.
කෙසේ වෙතත්, පසුගිය දිනවල මෙරට තුළ පෙට්රල් හිඟයක් ඇතිවීමට ලංකා IOC පී.එල්.සී පෙට්රල් ඉතුරුම් තොග බල නාපෑ අතර, උද්ගත වූ අර්බුදය කළමනාකරණය කරමින් වෙනත් කඩිනම් විසඳුමක් සඳහා CPC වෙත සහාය දීම සඳහා ලංකා IOC ඉදිරිපත් වූ බවත් වැඩිදුරටත් පවසයි.
මේ අතර, CPC විසින් ඇනවුම් කරනලද පෙට්රල් තොගය නොවැම්බර් 2 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබුණද එය යම්කිසි හේතූන් නිසා ප්රමාද වී ඇති බවද සඳහන් වෙයි. ඒ අනුව, මේ ප්රමාදය සම්බන්ධ වගකීම CPC දැරිය යුතු අතර, එම ප්රමාදය හා ලංකා IOC පී.එල්.සී. අතර කිසිදු සම්බන්ධකමක් නොමැති බවද දන්වා සිටී.
එසේම මෙරට ඉන්ධන වෙළඳ පොළේ 85%ක හිමිකාරීථ්වය දරණ CPC වෙත, උද්ගතව තිබූ පෙට්රල් හිඟය හා සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමේ වගකීම නිතැතින්ම පැවරෙනු ඇති බවද ලංකා IOC වැඩිදුරටත් පවසයි.