ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කරනු ලබන 'ආයුර්වේද එක්ස්පෝ 2015' වෛද්‍ය ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලවේදී අද (03දා) විවෘත වීමට නියමිතය.
මෙවර ප්‍රදර්ශනයේදී ඉන්දියාව හා චීනය ආදී රටවල කථිකයන් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් දේශීය වෛද්‍ය සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය. එහිදී, දේශීය වෛද්‍ය වෘත්තිකයන් සමග ඔවුන්ගේ දැනුම මෙන්ම අත්දැකීම් බෙදාගැනීමට කටයුතු කරනු ඇති අතර මෙම සම්මන්ත්‍රණය ජූලි 04 සහ 05 යන දෙදින තුළ පැවැත් වේ.
විද්‍යාව හා රස ශාස්ත්‍ර පිළිබඳ ඉන්දු-ලංකා වැඩමුළුක් අද (03දා) ප.ව. 2.00 සිට 6.00 දක්වා පැවැත්වෙන බවත්, ආයුර්වේද වෛද්‍ය සම්මන්ත්‍රණයට ලියාපදිංචි වන පළමු වැනි සිය දෙනාට මෙම වැඩ වැඩමුළුට නොමිලේ සහභාගි වීමේ අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුන් පවසයි.
'ආයුර්වේද එක්ස්පෝ 2015' දී ආයුර්වේද නිෂ්පාදකයන්, ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයන් ස්වභාවික ආයුර්වේද වෛද්‍ය නිෂ්පාදන, ආහාර පාන, ආයුර්වේද සෞඛ්‍ය නිකේතන හා ස්පා, ආයුර්වේද රෝහල්, අධ්‍යාපනික ආයතන, යෝග, හෝමියොපති, ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන ආදියෙහි නිරත සියලු දෙනාට අවස්ථාව ලබාදී ඇති බවත් ජාතික වාණිජ මණ්ඩලය සඳහන් කරයි.