2016 අයවැය මගින් පළාත් සභාවලට මුදල් අඩු කිරීමක් හෝ කපා හැරීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
ඒ වෙනුවට, 2015 වසරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් පළාත් සභාවලට වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළාත් සභාවලට මුදල් වෙන් නොකර, පළාත් සභා අමාත්‍යාංශයට මුදල් වෙන්කිරීමක් පිළිබඳ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.