වසර 33කට වැඩි කාලයක් පුරා බැංකු ක්ෂේත්රයේ අත්දැකීම් ඇති එච්.ඒ. ආරියරත්න මහතා 2015 මාර්තු 04 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි DFCC වර්ධන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා පත්කරගෙන තිබේ.
ආරියරත්න මහතා බැංකු කටයුතු රැසක් පිළිබඳව දැනුම හා පළපරුද්ද ලබා ඇති අතර, ඔහු DFCC වර්ධන බැංකුවේ විධායක උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. එමෙන්ම, බැංකුවේ ණය ලබාදීම පිළිබඳ සමස්ත මෙහෙයුම් පිළිබඳ ප්රධානියාද වේ.