මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවලදී මූල්‍ය සහ තාක්ෂණික සහයෝගිතාව ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජකයකු බවට චීනය පත්ව ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ, සිව්වැනි වරටත් චීනයේ කුන්මින් නගරයේදී පැවැත්වුණු ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට (4th China South Asia Expo) සහභාගී වෙමිනි. එම ප්‍රදර්ශනය සඳහා විශේෂ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ප්‍රදර්ශනය අතරතුර පැවති ජාත්‍යන්තර නිෂ්පාදන සහයෝගිතා සමුළුව (International Production Capacity Cooperation Forum) අමතමින් විශේෂ දේශනයක්ද සිදුකළේය.
මෙම සමුළුව සඳහා යූනාන් පළාතේ ආණ්ඩුකාරවරයා, මහජන චීන සමූහාණ්ඩුවේ හා යුනාන් පළාතේ රජයේ නිලධාරීන්, ආරාධිතයන්, නියෝජිතයන් හා රටවල් සියයකට අධික වෙළෙඳ ව්‍යාපාරිකයන් සහභාගී වූහ.