Global Banking & Finance Review Awards 2026 හිදී මහජන බැංකුවේ ආයෝජන බැංකු ඒකකය (PBIBU) ‘ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජන බැංකුව 2026’ ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.
මීට පෙරද, PBIBU හි ස්ථාවරත්වය, විශිෂ්ටත්වය සහ මූල්‍ය වෙළෙඳපොළ නායකත්වය වෙනුවෙන් 2022, 2023 සහ 2025 වසරවලදීද මහජන බැංකුවට මෙම සම්මානය හිමිවිය. වසර ගණනාවක් මුළුල්ලේ සිට මෙම ඒකකය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සන්ධිස්ථානිය ගනුදෙනු කිහිපයක් සිදුකිරීමෙහිලා වැදගත් කාර්යභාරයක නිරත වී ඇති අතර, සංකීර්ණ හා මහා පරිමාණ මූල්‍ය ව්‍යුහයන් කළමනාකරණය කිරීමේ හැකියාව මේ තුළින් පිළිබිඹු වෙයි.
Global Banking & Finance Review Awards 2026 යනු මූල්‍ය වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ පිළිගැනීමක් ඇති සම්මාන ප්රදානෝත්සවයකි. මෙය මූල්‍ය අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණ, නවෝත්පාදන සහ යහ භාවිතයන් ඇගයිමේ අරමුණින් පවත්වනු ලබයි.