ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොලී ආදායමක් ලබාදීමේ අරමුණින්, සියලුම බලපත්‍රලාභී බැංකුවල ස්ථාවර තැන්පතු පවත්වාගෙන යනු ලබන වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සතු තැන්පතු සඳහා 12% ක විශේෂ වාර්ෂික පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ අයවැය යෝජනාව ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක බව මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2015 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකුවල වයස අවුරුදු 60 ට වැඩි තැන්පත්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන රු.25,00,000/- ක් දක්වා රුපියල් ස්ථාවර තැන්පතු රු.300,000/- ක උපරිම වාර්ෂික පොලී ආදායමක් ලැබීම සඳහා සුදුසුකම් ලබන බවද මහ බැංකුව පවසයි.