උට්ඨාන වීර්යය, ආත්ම විශ්වාසය, කැපවීම සහිතව කය වෙහෙසා සදාචාරමත් ආර්ථීකයක් බිහිකිරීම වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණයේ උපරිම දායකත්වය ලබාදීමට සැවොම කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් 'ගම්දොර දහසක් - අංකුර සහසක්' නව විදාතා වැඩපිළිවෙළ උපකාරී වන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විද්‍යා හා තාක්ෂණ නිළධාරීන් 362 නෙකු අමතමින් ශ්‍රී ලංකා පදනමේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
"අද ලෝකයේ පවතින මහා පරිමාණ ව්‍යාපාර ජාල සේම, අප රටේ පවතින මහා පරිමාණ ව්‍යාපාර සෑම එකකම ආරම්භය ඉතා සුළුවෙන් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් ආරම්භ වූ ඒවායි. අද වනවිට දුප්පත් දරුවන්ගේ විද්‍යා හා තාක්ෂණ කුසලතා ඔප් නැංවීමට ජාතික විද්‍යා පදනම හරහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා. අනාගතයට ගැළපෙන, අපේ රටට ගැළපෙන නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීම වෙනුවෙන් ඒ සෑම සාධකයක්ම ඒකරාශී කරගෙන අප කටයුතු කළ යුතුව පවතිනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාරික තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා වූ මෙම නව වැඩපිළිවෙළ යටතේ සුවිශේෂී දායකත්වයක් සැපයෙනවා. ඒ සඳහා සංවිධාන වන අරමුණින් ග්‍රාමීය විදාතා සංසද බිහි කිරීම ආරම්භ කරනවා" යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
"රටේ අනාගත දුවා දරුවන්ගේ අනාගතය පැහැබර කරන්නට, සදාචාරමත් ආර්ථීක රටාවක් මඟින් ඔබේ ආර්ථීකය සවිමත් කරන්නටත්, රට නවෝත්පාදනය කරා ගෙන යමින් පිවිතුරු හෙටක් ගොඩනගන්නටත්, මේ අංකුර මහා වනස්පතීන් බවට පත්කිරීමට ඔබ අප සැම එක්වී, එක අරමුණක එකාමෙන් සමඟියෙන්, සහයෝගයෙන් වැඩකළ යුතුයි" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ හා සමගාමීව කළමණාකරණ ක්‍රමවේද, උසස් ප්‍රමිති ක්‍රමවේද හඳුන්වා දෙමින් දීපාල් සූරියආරච්චි මහතා සහ ආචාර්ය ලලිත් සෙනෙවීර මහතා විශේෂ දේශන දෙකක් පැවැත්වීය.